පුලින පූජක ථෙරාපදානය…
’’බබලන්නාවූ කුඹුක් ගසක් වැනිවූද, ශ්‍රේෂ්ඨ ආජානීයයෙකු මෙන්වූද, ඕසධි තාරකාව මෙන් දිලිසෙන බබලන්නාවූ, නරශ්‍රේෂ්ඨ බුදුරජුන් දිටිමි.
’’(දැක) මම ශාස්තෲන් වහන්සේට ඇඳිලි බැඳ වැන්දෙමි. බුදුරජුන්ට පැසසීමි. ස්වකීය පුණ්‍ය කර්මයෙන් සතුටුවූයේ, පිරිසිදු වැලි ගෙන ඔඩොක්කුවෙහි ලා ගෙන ගොස් විපස්සී බුදුරජුන් වැඩිය මගෙහි දැමීමි.
’’ඉක්බිති පැහැදි සිතින් ඉන් අඩක් වැලි බුදුරජුන් දවල් කල වෙසෙන දිවා විහාරස්ථානයෙහි තාදී ගුණ ඇති තථාගතයන් වහන්සේට පූජාවක් ලෙස ඉසීමි.
’’මින් එක් එක් අනූවන කපෙහි මම යම් වැලි ඉසීමක් කෙළෙම්ද. (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වැලි ඉසීමෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුලින පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පුලිනපූජකත්ථෙරස්සාපදානං දුතියං.
(ඛුද්දකනිකායෙ-ථෙරාපදානය(පඨමො භාගො)උම්මා පුප්ඵිය වග්ග)
ඉතින් අප ද ඉතාම පහන් සිතින් යුතුව අප සරණ ගිය භාග්‍යවත් අරහත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ අතීතයේ යම් කාලයක් පුරා වැඩ සිටියා වූ සෝතාපන්න ආර්ය ශ්‍රාවක සුමන සමන් දිව්‍ය රාජයාට පින්පෙත් පැමිණවීමට බොහෝ දෙනෙක් පැමිණෙන අසිරිමත් පුදබිමක් වන රත්නපුර මහ සමන් දේවාලයයේ ඉහළ මළුවේ, ස්තූප මළුවේ, බෝ මළුවේ මෙන්ම පහත මළුවේ ද ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව සුදු වැලි මනාව සිනිදුවට හලා ගල් බොරලු ඉවත් කර කියුබ් 25ක් ඇතිරීම සිදුකරන ලදී. අපගේ උරහිස් මතින් මෙලෙස වැලි කොට්ට කර තබා ගෙන එන සෑම විටම අප බුදු ගුණ සිහිකරමින්ම මෙය සිදු කළෙමු. ස්තූප මලුව බෝ මලුව අමදා, තණකොළ ඉවත් කර , වල ගොඩැලි සකසා මනාව වැලි ඇතිරීමේ පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ අධික වර්ෂා කාලයක වුවද මෙම අසිරිමත් පින්කම කිසිම බාධාවකින් තොරව සිදු කර ගැනීමට ආශිර්වාදය නොපෙනෙන රැකවරණය ලබා දුන් සුමන සමන් දිව්‍ය රාජයාට ද ,වැලි සඳහා ලක්ශ්ය දෙකහමාරකට අධික මුදලක් සම්බන්ධ කර දෙමින් මූල්‍යමය දායකත්වය දැරූ නම් සඳහන් කළ නොහැකි තරම් සම්බන්ධ වූ සියලු පිරිසට ද , මෙම වැලි සෙවීම පිණිස අපමණ වෙහෙසක් ගත් ටිරෝන් මිතුරා ඇතුලු සියලු මිතුරන්ට ද , ආහාරපාන සඳහා දායකත්වය දැරූ ලලිත් මිතුරා ඇතුළු සියලු මිතුරු මිතුරියන්ට ද ,ගමන් වියදම් සදහා සම්බන්ද වූ සියලු දෙනාටද ,පිංකම සඳහා අවවාද අනුශාසනා ලබාදුන් පින්වත් කරවිට පඤ්ඤාදස්සි ස්වාමින් වහන්සේටද , සමන් දේවාලයේ බස්නායක නිළමේතුමා ඇතුලු සියලු කාර්ය මණ්ඩලයට ද , ප්‍රධාන කපුමහතා ඇතුලු සියලු කපුමහතුන්ට ද ,
එමෙන්ම මේ සඳහා මා සමග පැමිණ කාය පූජාවෙන් මෙම පින්කමට සම්බන්ධ වූ මාගේ පින්වත් මිතුරන් සියලුදෙනාට ද , පින්කැමති සියල්ලන්ට ද, මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා !
තෙරුවන් සරණයි !
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
Web Site :- https:// www. sasunketha.org
Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.