” දහසක් විහාරස්ථාන ගොඩනගා සසුන් කෙත අස්වද්දමු ” තේමාව යටතේ සාසනයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලට ලක්මාල් මිතුරාගේ මූලිකත්වයෙන් තුම්මෝදර ශ්‍රී විජයසුන්දරාරාම බෞද්ධ මධ්‍යස්ථානය වෙත ත්‍රිපිටක හා අටුවා ග්රන්ථ පූජා කරමින් විහාරස්ථානයේ පින්වත් ස්වාමින් වහන්සේලාගේ ධර්ම ඥානය වර්ධනය කරගනිමින් ගම් දනව් සිසාරා පින්වත් මිනිසුන් වෙත නිර්මල සද්ධර්මය දේශනා කිරීමට හේතු උපකාරී වන ත්‍රිපිටක පොත් සහ අටුවා ග්රන්ථ පූජාවක් ඉතාමත් ශ්‍රද්ධාවෙන් සිදුකර ගැනීමට අපට හැකි වීම භාග්‍යක්මයි. මෙහි විශේෂම කාරණාව වන්නේ මෙම අසිරිමත් ධර්ම දාන පින්කම සඳහා ගම්මානයේ සියලු ගම් වැසියන්ම සම්බන්ධ කර ගැනීමට හැකි වීමයි. මෙහි දැනට ස්වාමින් වහන්සේලා දෙනමක් පමණ වැඩ වාසය කරන අතර මෙහි උග්‍ර අඩුපාඩුවක් බවට පත් වී තිබූයේ මෙම ත්‍රිපිටක පොත් කට්ටලයන්ගේ හිඟයයි. ඉතින් එම අඩුපාඩුව සපුරාලමින් ඉතාමත් ශ්‍රද්ධාවෙන් බුදුගුණ සජ්ඣායනා කරමින්ම ධර්ම දානය කිරීම පිණිස, එම විහාරස්ථානයේ වැඩ වසන ස්වාමීන් වහන්සේලාගේ දහම් දැනුම වර්ධනය පිණිසත්, සම්බුද්ධ සාසනයේ උන්නතිය උදෙසාත් , උන් වහන්සේලා කළ ඉල්ලීම පරිදි අපට හමු වූ මෙම විහාරස්ථානයට කළ මේ ධර්ම දානය බෙහෙවින් මින් ඉදිරියට මහා සංඝරත්නයත්, සම්බුද්ධසාසනයටත් මහත් ප්‍රයෝජනවත් වන බව නිසැකවම කිව හැක. සතියක් වැනි කාලය පුරා
විහාර මන්දිර සකසා
බෝ මලු සකසා
ධාන ශාලා පිරිසතර කර
ධාතු මන්දිර සකසාවිහාරස්ථානය වෙත මැනවින් පාර සකසා
සම්පූර්ණ සෙනසුනම ප්‍රතිසංස්කරණය කර විහාරය වෙත පාගමනින් ත්‍රිපිටක සහ අටුවා ග්රන්ථ වැඩම කරමින්, පූජා කරමින්, ගමේ සියලූ දෙනාට ද පින්කරගැනීමේ දුර්ලභ අවස්ථාව උදා කරමින් පින්කම අවසානයේ විහාරස්ථානය වෙත පහත ගරු භාණ්ඩ ද පූජා කරන ලදී ,
බුද්ධ පූජා කට්ටල
තේ අල්ලන ට්‍රේ
පීරිසි කෝප්ප සෙට්
නිදන මෙට්ට (single)
පොරවන
භාවනා කොට්ට
චාජ් කරන torch
පැදුරු
ඇඳි සහිත ලී පුටු
කුඩා මේසයක්
විදුලි පංකා
උදැල්ල සවල මිටිය බැගින්
කිරි cupset
වතුර හෝස් (අඩි 50)
ප්ලාස්ටික් ඇලුමිනියම් හැඳි
කොන්ඩෙ කපන මැෂින් එක
වතුර බොන වීදුරු සෙට් එක
දානේ සෙට්
සතියකට අධික කාලයක් පුරා රැස්කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මේ සඳහා එක් ලක්ෂ පනස්දහසක මුදලක් සම්බන්ධ කර දෙමින් ත්‍රිපිටක පොත් කට්ටලය ද අටුවා පොත් කට්ටලය ද එම ප්‍රවාහන පහසුකම් සලසා දෙමින් ඒ සඳහා මූලිකත්වය ගත් ලක්මාල් දේශප්‍රිය මිතුරාට ද , රුක්ශිනී මිතුරියට ද ,
ගරු භාණ්ඩ පූජා කිරීම පිණිස දායකත්වය දැරූ දර්ශන ඇතුලු “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලේ සියලු මිතුරන්ට ද , අවවාද අනුශාසනා දෙමින් මෙම පින්කම සාර්ථක කර ගැනීමට උපකාර කළ මෙම සෙනසුනේ විහාරාධිපති දැරණියගල ධම්මසාර ස්වාමින්වහන්සට ද , පින්කම සම්බන්ධීකරණය කර දුන් ප්‍රියන්ත මිතුරා ඇතුළු “සසුන්කෙත අස්වද්දමු” අප මිතුරු කැළට ද , වචනයෙන් පවා උපකාර කළ සියලු පිරිසට ද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාට ද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝධ වීමට උපකාර වේවා..!
තෙරුවන් සරණයි ….. ! නමෝබුද්ධාය….. !
තෙරුවන් සරණයි !
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
Web Site :- https:// www. sasunketha.org
Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.