ශ්‍රී ලංකා ධරණී තලය තුළ වර්ථමානයේ සිංහල බෞද්ධ දෙස් විදෙස් ජනතාව සඳහා මහත් වූ ශ්‍රද්ධා ගෞරව සහිතව තුණුරුවන් වන්දනා මාන කරගැනීමට ඉතා මනරම් ලෙස ඉදි වී ඇති නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරියේදී ප්‍රධාන අංග තුනකින් සමන්විතව ආමිස කලාපය , අධ්‍යාපන කලාපය සහ ආධ්‍යාත්මික කලාපය ලෙස නිම කිරීමට එහි නිර්මාතෘ පූජනීය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ බලාපොරොත්තුව සිටින අතර, එහි ආධ්‍යාත්මික කලාපය ලෙස මහාසංඝරත්නයට භාවනා යෝගීව වැඩ හිඳිමින් සිල් ගුණ දම් පුරමින් අරහත් මග වැඩීම පිණිස ශ්‍රී හයගිරි සේනාසනය නමින් ආරණ්‍ය සේනාසනයක් ඉදිකිරීමේ මහත් වූ පුණ්‍ය කාර්යය භාර්යය “සසුන්කෙත අස්වද්දමු” අප විසින් භාරගන්නට යෙදුනි.
කුටි දහයකින් සමන්විත මෙම ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන වශයෙන් කුටි 10ක් ඉදිකිරීම ඉතා නුදුරු දිනකදී අප විසින් සිදු කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා ඔබ සැමට ද සම්බන්ධ විය හැක.
එක් කුටියක් සඳහා ලක්ෂ හතරහමාරක මුදලක් ඇස්තමේන්තු කර ගණන් බලා ඇති අතර, කුටි දහයට ලක්ෂ 45ක පමණ මුදලක් වැය වේ.
සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් මහත් කාර්යභාරයක් කරන නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානාධිපති අතිපූජනීය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ මේ දිනවල කූරගල පුදබිමේ ගොඩනැගීමේ කටයුතු ආරම්භ කර ඇති බැවින් මේ සියලු වැඩකටයුතු සඳහා උන් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරන අතරම, උන්වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි අප “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල විසින් මෙම ආධ්‍යාත්මික කලාපය ඉතාම නුදුරේදීම ස්වාමීන් වහන්සේ අදහස් කරන පරිදි සම්බුද්ධ සාසනයට සකසා පූජා කිරීමට බලාපොරොත්තු වෙමු.
මහාසංඝරත්නයේ නිවන් මග පූර්ණ කිරීමට දායකත්වය සපයමින් අප සැමට ද නිවන් පිණිසම ඒකාන්තයෙන්ම උපනිශ්‍ර වන මේ මහා පුණ්‍යකටයුත්තට ඔබ සැමට ද සම්බන්ධ වීමට අවස්ථාව සැලසී ඇති අතර, ඒ වෙනුවෙන් දායක විය හැකි පින් කැමති සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර සැමට ආරාධනා කෙරේ.
ඒ සඳහා සම්බන්ධ වීමට කැමති මිතුරන්
අමතන්න
ඉසුරු – 0715945477
දර්ශන – 0715111121
හර්ශ – 0703737985
තෙරුවන් සරණයි !
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
Web Site :- https:// www. sasunketha.org
Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.