කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවට අනුබද්ධ උඩුගම නීග්රෝධලෙන සෙනසුනේ ගල්ලෙනෙහි වැඩ වසන ස්වාමින් වහන්සේලාට ප්‍රධාන ගැටලුවක් වී පැවති වර්ෂාවෙන් කුටිය තුළට වතුර පැමිණීමේ ගැටලුවට ස්ථීර විසඳුමක් ලෙසින් අතීතයේ හෙල රජ දරුවන් අනුගමනය කළ කටාරම් කෙටීමේ තාක්ෂණය යොදා ගැනීමට “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැළත් කටයුතු කළා, අපගේ අතින්ම අදාළ තාක්ෂණික උපකරණ භාවිතා කර මෙම ගල්ලෙනෙහි කටාරම් කොටා මනාව ගල්ලෙන සකසා පූජා කිරීමට හැකි වූවා. ඉතා අවදානම් සහිත ක්‍රියාවක් වන මෙම කටාරම් කෙටීම මනා හික්මීමකින් යුතුව සිදුකළ යුතුය. මෙම සෙනසුනේ මෙම ගල්ලෙන අලුතෙන් සකස් කළ ගල්ලෙනක් වන අතර එහි පළමු කටාරම අපගේ අතින්ම සකසා පූජා කිරීමට ලැබීමත් අපට උදා වූ වාසනාවකි.
දිනය පුරා මෙලෙසින් කුටි පිළිසකර කිරීමෙන් රැස්කරගත්තා වූ සියලු පුණ්යධර්මයෝ මෙම පින්කම අප්‍රතිහත කැපවීමෙන් සිදුකළ සශික මිතුරාට ද , කසුන් මිතුරාට ද ඇතුලු සියලු කළණ මිතුරන්ට ද , මේ සඳහා අවශ්‍ය Hammer Drill යන්ත්‍රයක් පූජා කළ සජිත් එදිරිසිංහ මිතුරාට ද , මේ සඳහා මූල්‍ය දායකත්වය දැරූ මැණික් අබේසිංහ අක්කාට ද අපමණ කැපවීමෙන් අව්ව වැස්ස නොතකා මේ කටයුතු සිදුකළ “සසුන් කෙත අස්වද්දමු” මිතුරන්ට ද , පින් කැමති සියල්ලන්ට ද සියලු පින් සැප ප්‍රතිපදාවෙන් නිවරැදි පර්යාප්තියෙන් කෙටිම මගකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මෙම සියලු පුණ්‍ය ධර්මයෝ හේතු උපකාර වේවා !
තෙරුවන් සරණයි !
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
Web Site :- https:// www. sasunketha.org
Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu
Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.