පතලා සැවොම එක් සිත් වී නිවන් පුරේ
ජීවන මගේ පින් වපුරයි සැරින් සැරේ
ලැබිලා සක්‍ර දෙවිදුගෙ බල වරින් වරේ
පින් විමනක් තැනුවා අප මීමුරේ
❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ පින්කම් ඉතිහාසයේ අපට සිදුකිරීමට වූ අපහසුතම කාය පූජාවන්ගෙන් එකක් වූ අරුමෝසන් වැසි මැද ඉතා වීර්යයෙන් සිදුකිරීමට සිදු වූ පින්කමක් වූ මීමුරේ පින්කම, 1km පමණ කන්ද ඉහළටම සිමෙන්ති උර 70ක්, කම්බි 300, වැලි කියුබ් 2, මැටල් කියුබ් 1, බෝඩ් 9 ක් අදිමින් භුමිය සකස් කරමින් බේස් වලවල් කපා කුටියේ වැඩ ආරම්භ කරන ලදී. පළමුවන දිනයේ දී මහ වැසි නොතකා රාත්‍රී 8.30 පමණ වනතෙක් දැඩිසේ මහන්සි වූ සියලු කළණ මිතුරන්, කාය පීඩාවද නොතකා පසුදින උදෑසන තුනට පමණ පිබිදී උතුම් වූ මහා සංඝරත්නය උදෙසා සාර වූ ප්‍රණීත උදෑසන සහ දවල් දානය ශ්‍රද්ධා සිත් පෙරදැරිව පිළියෙල කොට පූජා කරන ලදී. එසේම නෙක නෙක වූ පරිෂ්කාර ද්‍රව්‍යයන් ද පූජා කරන ලදී.
ලිස්සා වැටෙමින්,ගල් මුල් වල පය පැටලෙම්න්, අධික වර්ෂාවේ, අධික සීතලේ , කූඩැල්ලන්ගෙන් වූ පීඩා මධ්‍යයේ ජීවිත කාලයේ මෙතරම් ආර්ය මහා සඝ රුවන වෙනුවෙන් උත්තම කාය පූජාවෙන් වෙහෙසුන තවත් අවස්ථාවක් නැති තරම්……
නිතරම සිහිකරන්න පුලුවන් මෙම පින්කම අප කොතරම් කැප වුනාද , සමහර අවස්ථාවල අප ජීවිතය පූජා කරමින් පින්කමේ නිරත වුණා. කොතරම් අමාරු වුනත්, සිමෙන්ති, මැට්ල්, වැලි, කම්බි උරහිස් වලට වේදනා දෙද්දිත් දැඩි ආත්ම ශක්තියෙන් සේනාසනය කරා රැගෙන ආවා. කම්බි වලට අත තුවාල වුනත්, මහා සංඝරත්නයේ අවශ්‍යතාවය ගැන සිහි කරලා පින සිදුකරා.
ඇඟේ හැම තැනින්ම කූඩැල්ලන් කාල ලේ එනකොට වුණත්, ඒ කිසිම කාය පීඩාවකින් හෝ වෙනත් පීඩාවකින් නොසැලී , අසනීප තත්ව බොහෝ තිබ්බත් මහ වරුසා මල් වරුසා කරමින් පින්කම සිදුකරා…….
වීර්යයෙන් සිදුකළා වූ මෙම අසිරිමත් කාය පූජාවන් පලමුව ද ,දෙවනුව ද , තෙවනුව ද ඔබ අප සැමටත්, මෙම කුටිය සැකසීම සඳහා ප්‍රධාන මූල්‍යමය දායකත්වය දරන සුදත් තෙන්නකෝන් අයියා හා සන්ද්‍යා තෙන්නකෝන් අක්කා ඇතුලු මුදලින් දායකත්වය ලබා දෙන සියලු දෙනාට ද ,මීමුරේ ආරණ්‍යයේ ලොකු ස්වාමි වහන්සේ ඇතුලු සියලු ස්වාමින් වහන්සේලාටද ,දැක බලා අනුමෝදන් වන්නාවූ සියලු දෙනාටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම පවතීවා !
තෙරුවන් සරණයි !
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
Web Site :- https:// www. sasunketha.org
Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu
Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.