අලුයම තුනට අවදිව සතුටින් සැවොම..
සකසා පුද කලා අග්‍රම වූ ලෙසම..
පින් වැපිරුනා සතුටින් අප සිත් තුලම..
නිවනින් සැනසුනා කලනවු මිතුරන් සැවොම..
පින් සිත් පෙරටු කොට දන් දී නිවන් පතා..
ආනිසන්ස පිලිබද ගැන කවර කතා..
සැම දෙන ඉතින් නිවනේ සුව ගැනම සිතා..
දහවල හීල දන පිදුවා මහ සගුන් වෙතා..
❛❛ සසුන් කෙත අස්වද්දමු ❜❜ පින්කම් ඉතිහාසයේ අපට සිදුකිරීමට වූ අපහසුතම කාය පූජාවන්ගෙන් එකක් වූ අරුමෝසන් වැසි මැද ඉතා වීර්යයෙන් සිදුකිරීමට සිදු වූ පින්කමක් වූ මීමුරේ පින්කම, 1km පමණ කන්ද ඉහළටම සිමෙන්ති උර 70ක්, කම්බි 300, වැලි කියුබ් 2, මැටල් කියුබ් 1, බෝඩ් 9 ක් අදිමින් භූමිය සකස් කරමින් බේස් වලවල් කපා කුටියේ වැඩ ආරම්භ කරන ලදී. පළමුවන දිනයේ දී මහ වැසි නොතකා රාත්‍රී 8.30 පමණ වනතෙක් දැඩිසේ මහන්සි වූ සියලු කළණ මිතුරන්, කාය පීඩාව ද නොතකා පසුදින උදෑසන තුනට පමණ පිබිදී උතුම් වූ මහා සංඝරත්නය උදෙසා සාර වූ ප්‍රණීත උදෑසන සහ දවල් දානය ශ්‍රද්ධා සිත් පෙරදැරිව පිළියෙල කොට පූජා කරන ලදී. එසේම නෙක නෙක වූ පරිෂ්කාර ද්‍රව්‍යයන් ද පූජා කරන ලදී.
ලොවම කොරෝනා වසංගතයෙන් ගිලගෙන ඇති අවස්ථාවක අතීශය රමණීය මීමුරේ ආරණ්‍යයේ ස්වාමින් වහන්සේලා විෂයෙහි දානය පූජා කරමින්, අපට අතිශය දුර්ලභ පින්කමකට සම්බන්ධ වීමට හැකි වූවා.
❊ දිනය පුරාම බුද්ධ පූජාව පූජා කරමින්,
❊ අෂ්ඨපරිෂ්කාර ආදී කොට ගත් සියලු පිරිකර පූජාවන් ද පූජා කරමින්,
❊ ස්වාමීන් වහන්සේලාට වන්දනා කරමින්,
❊ ධර්ම ශ්‍රවණය කරමින්,
❊ ස්වාමින් වහන්සේලාට බෙහෙත් ද්‍රව්‍ය පූජා කරමින්,
රැස් කර ගත්තා වූ අපිරිමිත පුණ්‍ය ධර්මයෝ මේ පින්කම සඳහා දානය සැකසීම් කටයුතු සිදුකළ කිත්සිරි , නන්දික , සමන් , ජිනේන්ද්‍ර ඇතුලු සියලු පිරිසට ද ,
සියලු දාන පූජාවන් , අතුරුපස පූජාවන් , පිරිකර පූජාවන් සඳහා දායකත්වය දැරූ , ශ්‍රමයෙන් සම්බන්ධ වූ “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලට ද , අපමණ කැප වීමෙන් කාය පූජාවෙන් දානමය පින්කමට සම්බන්ධ වූ සියලු කල්‍යාණ මිත්‍රයන්ට ද , මීමුරේ ආරණ්‍යයේ ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට ද , ලෝකවාසී ආර්ය මහා සංඝ රත්නයට ද , මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා!
❂ මේ දානයේ ඉතාම විශේෂත්වය වන්නේ ,
✼ කාල දානයක් වීම.
✼ දුර්භික්ෂ අවස්ථාවක් වීම.
එවැනි අවස්ථාවක් ජීවිත කාලයේදී යළිත් උදානොවනු ඇත.
තෙරුවන් සරණයි !
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
Web Site :- https:// www. sasunketha.org
Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu
Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.