“සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලට ආදර වන්තයන්ගේ දිනය යයි සම්මත පෙබරවාරි 14 වන දින අතිශය මාහැඟි පින්කම් රාශියක් සිදුකිරීමේ වාසනාව උදා වූවා. පළමුව උදෑසනම විහාරස්ථානයට පැමිණෙන සියලු දෙනා පංච සීලයේ පිහිටුවා ඉන් අනතුරුව විහාරස්ථානයේ දුර්වර්ණ වී ඇති චෛත්‍යරාජයාණන් වහන්සේ සහ මකර තොරණ පලුදු තැන් කපා අලුත්වැඩියා කොට හුණු පිරියම් කිරීම සිදුකරනු ලැබුවා.
⍟ඊට සමගාමීව පැමිණෙන සියලු දෙනා විහාර මන්දිරයේ දුර්වර්ණ වී ඇති කණු කිහිපය තීන්ත ආලේප කිරීම සිදුකරනු ලැබුවා.
⍟චෛත්‍ය මළුවේ, බෝ මළුවේ සහ විහාරස්ථාන භූමියේ වැලි ඇතිරීම සිදුකරනු ලැබුවා.
⍟විහාර මන්දිරය ඇතුළත සහ වටදාගේ ඇතුළත එහි ඇති සිතුවම් වලට හානියක් නොවන පරිද්දෙන් මනාව පිරිසිදු කිරීම සිදුකරනු ලැබුවා.
⍟විහාරස්ථාන භූමියේ ඇති සියලුම පහන් වැටවල් පිරිසිදු කිරීම සිදුකරනු ලැබුවා.
⍟බෝධිප්රාකාරයේ සහ ඒ අවට ඇති තරමක් විශාල මල් බදුන් තීන්ත ආලේප කොට සැකසීම සිදුකරනු ලැබුවා.
⍟විහාරස්ථානයේ සියලුම මල් ආසන සෝදා පවිත්‍ර කිරීම සිදුකරනු ලැබුවා.
⍟විහාරස්ථානයේ ඇති දොළොස්මහේ පහන අලුත්වැඩියා කිරීම සිදුකරනු ලැබුවා.
ඉන් අනතුරුව සුවඳ දෝලාවන් , අෂ්ඨපාන , චතුමධුර , බෙහෙත් , ගිලන්පස පූජාවන් ද , අනේක විද මල් පූජාවන් හා ධජ පතාක පූජාවන් ද , ශබ්ධ පූජවන් ද පෙරටුව කංචුකය වඩමවා මනරම් කංචුකය සෑයේ පැළඳවීම සිදු කර ,
ධර්ම දේශකයාණන් වහන්සේ වෙනුවෙන් සිදුකළ අසිරිමත් ඖෂධීය පා දෝවනයෙන් අනතුරුව
ලබුනොරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති , ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත පුජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සේ ඉතා වටිනා ගාම්භීර ධර්ම දේශනාවක් හා පුණ්‍යානුමෝදනාවක් තරුණ දරුවන් වෙනුවෙන් සිදුකරනු ලැබුවා. මෙම අසිරිමත් පින්කම් මාලාවෙන් ජනිත වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මෙම පින්කම සඳහා අවවාද අනුශාසනා ලබා දෙමින් මෙම පින්කමට අවසර ලබා දුන් කොහිලවත්ත ගංගාතිලක පුරාණ විහාරස්ථ විහාරාධිපති පින්වත් වජිර නායක ස්වාමින් වහන්සේට ද , අනෝමදස්සී ස්වාමින් වහන්සේට ද , ධර්ම දේශනාව සඳහා වැඩම කළ ලබුනොරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති , ශාස්ත්‍රපති , රාජකීය පණ්ඩිත පුජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සේට ද ,
⍟ මනරම් කංචුකය ලබා දුන් ශාලිකා කුමාරසිංහ අක්කා ඇතුලු පිරිසට ද ,
⍟ උදෑසන ආහාරය ලබා දුන් ශාමා පෙරේරා අක්කාට ද ,
⍟ සුවඳ පූජාව හා මුතුකුඩ ලබා දුන් කිත්සිරි අයියා ඇතුලු පිරිසට ද ,
⍟ ගිලන්පස පූජාව හා අෂ්ඨපාන සැකසීම සිදුකළ ලක්මී,ඉනෝකා,දුමින්ද ඇතුලු පිරිසට ද ,
⍟ ස්වාමින් වහන්සේ වැඩම කිරීම හා උපස්ථාන කටයුතු සිදුකළ නුවන් තෙන්නකෝ ඇතුලු පිරිසට ද ,
⍟ ධර්මශාලාව තීන්ත ආලේප කිරීමට තීන්ත 20ℓ ලබා දුන් නිරෝශ් මිතුරාට ද ,
⍟ චතුමධුර පූජාව සිදුකළ තුශාර, රොෂාන්, ධනංජය, ගයාන් ඇතුලු පිරිසට ද ,
⍟ පාදෝවනය හා පාවඩ ඇතිරීම සිදුකළ හර්ෂ ඇතුලු පිරිසට ද ,
⍟ දේශකයාණන් වහන්සේගේ ධර්මාසනය, මල් සැරසිලි හා මණ්ඩපය සැකසීම සිදුකළ ලෝචන , දර්ශන , රජිත් ඇතුලු පිරිසට ද ,
⍟ ශබ්ද විකාශන යන්ත්‍ර හා මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදුකළ ජනාධිපති පුද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතාට ද ,
⍟ පොලීසිය හා PHI නිලධාරීන් දැනුවත් කිරීම සිදුකළ දනුශ්ක , උජිත් ඇතුලු පිරිසට ද ,
⍟ නිවේදන කටයුතු සිදුකළ දුලීප් මල්ලීට ද ,
⍟ කැමරාකරණය සිදුකළ සමීර , ගමගේ , ලෝචන , දිනේශ් ඇතුලු පිරිසට ද ,
අප්‍රතිහත කැපවීමෙන් මේ සඳහා දායක වූ නම් සඳහන් කළ නොහැකි තරම් වූ සියලු “සසුන් කෙත අස්වද්දමු” මිතුරන්ට ද
දායක සභාවේ සභාපතිතුමා ඇතුලු ගම්වාසීන්ට ද ,
ආහාර පාන , ප්‍රවාහන පහසුකම් හා පින්කම සඳහා මූල්‍යමය දායකත්වය දැරූ සියලුදෙනාට ද , පින්කැමති සියල්ලන්ට ද , මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා !
තෙරුවන් සරණයි !
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
Web Site :- https:// www. sasunketha.org
Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu
Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.