නිර්මල ශ්‍රී සද්ධර්මය සීහල දීපය පුරා ප්‍රචලිත කළ සංඝ පීතෘ වහන්සේ නමක් වන මහාචාර්ය පරම පූජනීය රේණුකානේ චන්දවිමල මහා නායක ස්වාමින් වහන්සේ වැඩ සිටි පොකුණුවිට ශ්‍රී විනයාලංකාරම විහාරය වෙත පින්වත් රේණුකානේ ස්වාමින් වහන්සේගේ තරුණ වියේ ලබා ගන්නා ලද ඡායාරුවක් නවීකරණය කොට අඩි 5ක් දිග සහ අඩි 4ක් පළල ලෙස සකසා රාමුකොට අභිනවයෙන් ඉදිවන ධර්මශාලාවේ තැන්පත් කිරීම පිණිස අද දින පූජා කරන ලදී. මෙහිදී නායක ස්වාමින් වහන්සේ අපට සම්බුදු සසුනට මාහැඟි සේවාවක් කරන ලද රේණුකානේ ස්වාමින් වහන්සේගේ ජීවිත කතාව කිය දී උන් වහන්සේ පරිශීලනය කළ සියලු දෑ පෙන්වා අපට ධර්මය කියා දෙන ලදී. එමෙන්ම කිරිඔරුවේ ධම්මානන්ද ලොකු ස්වාමින් වහන්සේද ,කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ ද වැඩ සිටින්නේ මෙම විහාරයේ වන අතර උන් වහන්සේලා සියලු දෙනාම එක් වී අප “සසුන් කෙත අස්වද්දමු” තරුණ දරුවන් සමග ඉදිරියේ ලොකු සාසනික සේවාවක් සිදුකරමු බව මෙත් සිතින් දැනුම් දුන්නා..
දිනය පුරා රැස්කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයෝ මෙම පින්තූරය සැකසීම පිණිස දායකත්වය ලබා දෙමින් එහි මූල්‍ය දායකත්වය දැරූ ඇමරිකාවේ පදින්චි එවන් අයියාටද , මෙහි සැකසීම් කටයුතු සොයා බලා සිදුකල සුපුන්ලක් රුවන් මිතුරා ඇතුලු සියලු දෙනාටද පින්කැමති සියල්ලන්ට ද, මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා!
තෙරුවන් සරණයි !
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
Web Site :- https:// www. sasunketha.org
Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu
Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.