වව්නියාව පසුකර නැදුන්කනි ප්‍රදේශයට ගිය විට හමුවන පෙරියකච්චිකුලම් රක්ෂිතය මැද්දේ පිහිටි ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසත්, තුන්වන සියවසත් අතර කාලයේ ඉදිවූ ස්තූපය , සීමා මාලකය, විහාර මන්දිරය, පිළිම ගෙය ආදී අංගෝපාංගයන්ගෙන් යුක්ත අනුරාධපුර මුල් යුගයේ අක්කර දහස් ගණනකින් යුත් “සපුමල්ගස්කඩ රජමහා විහාරයේ” ඉපැරණි ස්තූපයේ කැණීම් කිරීමේ කටයුතු පසු ගිය දිනක ආරම්භ කරන ලදී. ඉතින් එම සෑ රජුන්ගේ කැණීම් කටයුතු අවසානයේ සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ගඩොල් 6500 ක් පමණ කපා දායකත්වය ලබා දීමට “සසුන් කෙත අවද්දමු” මිතුරු කැලට අවස්ථාව උදාවීම භාග්‍යයකි.
ඉතින් දිනය පුරා ස්තූපය වන්දනා කිරීමෙන් සෑ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ගඩොල් කැපීමට සම්බන්ධ වීමෙන් , ධර්මය ශ්‍රවණය කිරීමෙන් ආදී කොටගත් දිනය පුරා රැස්කරගත්තා වූ සියලූම පුණ්‍ය ධර්මයෝ පළමුව මෙම විහාරයේ විහාරාධිපති පින්වත් ගල්ගමුවේ ශාන්තබෝධි ස්වාමින් වහන්සේට අනුමෝදන් කරන අතර මෙම පින් අනුමෝදන් වීමෙන් මෙම සිදුකරන ශාසනික සේවාවන් සුව සේ සිදුකරගැනීමට සියලු දෙව් නා බඹ පිරිසකගේ ආශිර්වාදය ලැබේවා !
එමෙන්ම ආහාර පාන ලබා දුන් සියලු පිරිසට ද , ප්‍රවාහන පහසුකම් සලසා දුන් සියලු දෙනාට ද , ශ්‍රමයෙන් සම්බන්ධ වූ “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලට ද , අපමණ කැප වීමෙන් කාය පූජාවෙන් දානමය පින්කමට සම්බන්ධ වූ සියලු කල්‍යාණ මිත්‍රයන්ට ද , වචනයෙන් පවා උපකාර කළ සියලු දෙනාට ද මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා!
දිනෙන් දින විනාශ මුඛයට ඇද වැටෙමින් පවතින් විරාජමාන අතීතකයක් පැවති උතුරේ බොදු උරුම යලි නගා සිටුවීම සඳහා අප මූලිකත්වය ලබා දීමට අදහස් කරා , ඒ සියලු කටයුතු ද සුවසේ සිදුකර ගැනීමට අප සැමට අවස්ථාව උදා වේවා !
තෙරුවන් සරණයි !
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
Web Site :- https:// www. sasunketha.org
Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu
Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.