“යෝ සීලවා සීලවන්තේසු දදාති දානං
ධම්මේන ලද්ධං සූපසන්න චිත්තෝ
අභිසද්ධහං කම්ම ඵලං උළාරං
තං වේ දානං විපුල ඵලංති භ්රෑමීති”
යම් කෙනෙක් සීලවන්තව සිල්වතුන් හට දානයක් දෙනවා නම්, දැහැමින් ලද දානයක් දෙනවා නම්, අතිශයින්ම ප්‍රසන්න සිතින් යුතුව දානය දෙනවා නම්, එම දානය මහත්ඵල මහානිශංස වන විපුල වූ උදාර පුන්‍ය ඵලයක් ලැබෙන මහත් අනුසස් ගෙන දෙන දානයක් ය. (හතරවන දක්ෂිණා විශුද්ධිය යි)
සාසනයේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටින “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල දිවයින පුරා පිය නගමින් මේ වෙහෙසෙන්නේ ශාසනයේ දියුණුව සඳහාය. ඉතින් අද දින ඉතා අසිරිමත් පින්කමක් ආර්ය මහා සංඝරත්නය මුල් කරගනිමින් සිදුකර ගැනීමට අපට අවස්ථාව උදා විය. ඒ මීගොඩ වටරැක කපිලවස්තු විහාරයේ වැඩ සිටින පින්වත් ස්වාමීන්වහන්සේලා උදෙසා අසිරිමත් දානමය පින්කමක් හා සංඝගත දක්ෂිණාවක් සිදු කරමින් ය.
පළමුව අසිරිමත් බුද්ධ පූජාවක් කැප සරු අයුරින් බුදුරජාණන් වහන්සේට පූජා කර , දෙවනුව ආර්ය මහා සංඝරත්නය වෙත අසිරිමත් සාර දානයක් පූජා කර අනේක විද පිරිකර පින්වත් ස්වාමින් වහන්සේලා වෙනුවෙන් පූජා කර , ලක්ෂ 14කට අධික මුදලක් වැය කොට ඉදිකළ වැසිකිලි පද්ධතිය ස්වාමින් වහන්සේලා වෙනුවෙන් පූජා කර , රුක් රෝපණ පින්කමක් සිදුකර විහාරස්ථානය සම්පූර්ණයෙන් පිරිසිදුකර , පින්කම් මාලාව අවසානයේ පුණ්‍යානුමෝදනාත්මක ධර්ම දේශනාවක් කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය , රාජකීය පණ්ඩිත ,ශාස්ත්‍රපති පූජ්‍ය කතරගම සතිමන්ත හිමි විසින් සිදුකරන ලදි.
දිනය පුරා රැස් කරගත්තවූ සියලු පුණ්‍ය ධර්මයෝ පැන් පහසු වීමට අවශ්‍ය කරන නාන කාමර සහ වැසිකිළි පද්ධතියක් සහ ගිහි පින්වතුන්ට දහම් පාසල් දරුවන්ට වැසිකිළි පද්ධතියක් සාදවා පූජා කිරීම පිණිස මූල්‍ය දායකත්වය දැරූ පර්සි මහත්මා සහ ශීමත් වික්‍රමසිංහ මව්පිය දෙපල සහ එංගලන්තයේ පදිංචි චින්තක මහතා ඇතුළු පවුලේ සියලු දෙනාට ද , දානය පූජා කිරීමට ද අනේක විද පිරිකර පූජා කිරීම පිණිස ද දායකත්වය දැරූ උජිත් , නුවන් ඇතුලු “සසුන් කෙත අස්වද්දමු” සියලු මිතුරන්ට ද , වදනකින් සිතුවිල්ලකින් හෝ ශක්තියක්ම වූ සියලු දෙනාටත්, දැකබලා සාදු කියමින් අනුමෝදන් වන සියලු පින්වත් පිරිසටත්, මේ රැස්කර ගත්තා වූ කුසලානුභාව බලයෙන් සහ රත්නත්‍රයේ සූවිසි මහාගුණානුභාව බලයෙන් සැමට යහපතක්ම වේවා ! මෙත් සිතින් යුතුව රැස්කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්යධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා.
ලෝකයේ කෝටි ගණන් පිරිසක් එක් රැස් කර සතුටුවන විට “සසුන් කෙත අස්වද්දමු” අප සියලු දෙනා කාලය , ධනය , මිල මුදල් , ශ්‍රමය ආදී සියල්ලම කැප කර මේ අත්හැරීමෙන් ලබන නිරාමිස ප්‍රීතිය අතිමහත් ය. අද දිනයේ පින්කමෙන් රැස්කරගත්තා වූද , මෙලෙස අප අත් හැරීමෙන් පහළ වන සියලු පුණ්‍ය සංස්කාරයෝ ඒකාන්තයෙන්ම අපට නිවන් පිණිසම පවතීවා !
තෙරුවන් සරණයි !
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
Web Site :- https:// www. sasunketha.org
Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.