පතලා සැවොම එක් සිත් වී නිවන් පුරේ
ජීවන මගේ පින් වපුරයි සැරින් සැරේ
ලැබිලා සක්‍ර දෙවිදුගෙ බල වරින් වරේ
පින් විමනක් තැනුවා අපි රුහුණු පුරේ
· · • • • ✤ • • • · ·
❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ පින්කම් ඉතිහාසයේ අපට සිදුකිරීමට වූ තවත් අසිරිමත් පින්කමක් ලෙස උඩුගම හෝමදොළ සෙනසුනේ කුටි සැකසීම සඳහා ඉතා වීර්යයෙන් යුතුව ශ්‍රම දායකත්වය ලබා දීම හැඳින්විය හැක. කන්ද ඉහළටම සිමෙන්ති , කම්බි , වැලි කියුබ් , මැටල් හා බ්ලොක් ගල් අදිමින් භූමිය සකස් කරමින් බේස් වලවල් කපා කුටියේ වැඩ ආරම්භ කරන ලදී.
ලිස්සා වැටෙමින්, ගල් මුල්වල පය පැටලෙම්න් , කූඩැල්ලන්ගෙන් වූ පීඩා මධ්‍යයේ ආර්ය මහා සඝ රුවන වෙනුවෙන් උත්තම කාය පූජාවෙන් වෙහෙසුන අයුරු සිතන විට සිතට ගෙන එන්නේ අපමණ සතුටකි.
වීර්යයෙන් සිදුකළා වූ මෙම අසිරිමත් කාය පූජාවන් පළමුව ද , දෙවනුව ද , තෙවනුව ද ඔබ අප සැමටත්, මෙම කුටිය සැකසීම සඳහා ප්‍රධාන මූල්‍යමය දායකත්වය දරණ සඳුන් තිලිණ මිතුරා ඇතුලු එම පවුලේ සියලු දෙනාට ද , උඩුගම හෝමදොළ සෙනසුනේ වැඩ වසන අප කල්‍යාණ මිත්‍ර ලක්ඛණ ස්වාමින් වහන්සේට ද ඇතුලු සියලු ස්වාමින් වහන්සේලාට ද , මේ සඳහා ඇප කැප වී කටයුතු කළ ප්‍රසාද් මධුරංග මිතුරා ඇතුලු සියලු මිතුරන්ට ද , දැක බලා අනුමෝදන් වන්නාවූ සියලු දෙනාටත් උතුම් වූ පින චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම පවතීවා !
තෙරුවන් සරණයි !
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
Web Site :- https:// www. sasunketha.org
Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu
Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.