ඉතිරෙන පිං පිරුණු සිතුවිලි ගලාගෙන
මැතිරෙන දහම් පදවැල් හිත දරාගෙන
පැතිරෙන කුසල් පින් සිත් හද වෙලාගෙන
ඇතිරෙන බෝ මලුව සුදු වැලි පුරෝගෙන
………………………………………………………………
මැතිරෙනවා මැතිරෙනවා මුලතිව්වල සාදු හඬක්
ඉතිරෙනවා ඉතිරෙනවා පින් සිත් සුවහස් දහසක්
පැතිරෙනවා පැතිරෙනවා කරුණා මෙත් ගුණ සහසක්
අතුරනවා අතුරනවා ගල්කන්දේ වැලිකන්දක්….
“ආගතානාගතස්ස චතුද්දිසස්ස ඉමං බොධිඅංගනං භික්ඛු සංඝස්ස දෙම../// “
❛❛ දහසකුත් වෙහෙර විහාර ගොඩනංවා සසුන් කෙත අස්වද්දමු ❜❜ යන උත්තරීතර වූ සත්පුරුෂ අදහස පෙරටු කරගත් අප මිතුරු කැළගේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් 2021.03.14 වන දින ගල්කන්ද ආරණ්‍ය සේනාසනයේ බෝධි මලුවට සුදු වැලි කියුබ් 20ක් අතුරන ලදී. තම විවේක සතිඅන්තය සම්බුදු සසුනේ චිරස්තිථිය වෙනුවෙන් වෙන්කළ අප මිතුරු කැළ බාහුබලය යොදමින් දහදිය බිඳු වගුරුවමින් සේනාසන පිවිසුමේ සිට බෝධි මලුව වෙත තම කරමතින් මලුවට වැලි ගෙනැවිත් එදා පය ගැසීමටවත් නොහැකි අයුරින් මඩ ව තිබූ ඒ බිම් කොටසට බොහෝ දෙනහට දැකුම් මාත්‍රයකින් පවා සිත නිවෙන ඉතාමත් මනරම් වූ වැලි මලුව සකස් කරදෙන ලදී. සක්මන් මලු තුළටත් වැලි අතුරන ලදී. දැඩි කැපවීමත් , වීර්යයත් , අධිෂ්ඨානයත් , සමගියත් නිසා ඒ වැලි ඇතිරීමේ පුණ්‍යකර්මය උදෑසනවරුවේදීම නිමා කරගැනීමට අපට හැකිවිය.
- වැලි ඇතිරීමේ පුණ්‍යකර්මය නිමවා කල්වේලා ඇතිව නිවෙස් වලට යාමට හැකියාව තිබියදීත් මහාසංඝරත්නයේ සිහි කැදවීම මත ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් කොටසකට පමණක් කොන්ක්‍රීට් ඇතිරූ ධර්ම ශාලාවේ ඉතිරි බිම් කොටසට කොන්ක්‍රීට් අතුරා එම පුණ්‍ය කටයුත්ත අවසන් කරන ලදි.
- එමෙන්ම ධර්ම ශාලාවේ බිත්ති බැඳීම සඳහා අවශ්‍ය විශාල ප්‍රමාණයෙන් යුත් ගඩොල් ද ආරණ්‍ය පිවිසුමේ සිට ධර්ම ශාලාව දක්වාම දහඩිය වගුරුවමින් බාහු බල යොදා විශාල පරිශ්‍රමයකින් ඉහළට ඇදීම සිදු කරන ලදී.
- එමෙන්ම සක්මන් මලු ආදියේ තීන්ත ආලේප කරමින් මුලු ආරණ්‍ය භූමියම ක්‍රමවත්ව පිරිසිදු කරන ලදී.
මේ සියලූම පුණ්‍ය ධර්මයෝ මේ සඳහා අවවාද අනුශාසනා දෙමින් අපව මෙම පින්කමට සම්බන්ධ කරගත් මුලතිව් ගල්කන්ද ආරණ්‍යයේ සියලු ස්වාමින් වහන්සේලාටත්, අප්‍රතිහත කැපවීමෙන් මේ සඳහා ශ්‍රම දායකත්වය දැරූ “සසුන් කෙත අස්වද්දමු” අප මිතුරු කැළට ද ,
මෙහි සඳහන් කිරීමට අතපසු වූ යම් කෙනෙකු වෙත්නම් ඒ සියලු දෙනාටත්,
මේ මහා කුසලය සුඛ සහගත් වූ ප්‍රතිපදාවෙන් උතුම් වූ ධර්මාවබෝධය ලැබීම පිණිසම වේවා..!
ආයුෂයෙන් වැඩේවා …!!!
වර්ණයෙන් වැඩේවා …!!!
සැපය වැඩේවා…!!!
බලය වැඩේවා …!!!
ප්‍රඥාවෙන් වැඩේවා..!!!
ප්‍රාර්ථනීය වූ බෝධියකින් උතුම් වූ නිවනින් සැනසීම ලබත්වා..!
මේ සියලූම කුසලයෝ පින් කැමැත්තෝ අනුමෝදන් වෙත්වා..!
තෙරුවන් සරණයි !
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
Web Site :- https:// www. sasunketha.org
Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu
Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.