“යෝ සීලවා සීලවන්තේසු දදාති දානං
ධම්මේන ලද්ධං සූපසන්න චිත්තෝ
අභිසද්ධහං කම්ම ඵලං උළාරං
තං වේ දානං විපුල ඵලංති භ්රෑමීති”
යම් කෙනෙක් සීලවන්තව සිල්වතුන් හට දානයක් දෙනවා නම්, දැහැමින් ලද දානයක් දෙනවා නම්, අතිශයින්ම ප්‍රසන්න සිතින් යුතුව දානය දෙනවා නම්, එම දානය මහත්ඵල මහානිශංස වන විපුල වූ උදාර පුන්‍ය ඵලයක් ලැබෙන මහත් අනුසස් ගෙන දෙන දානයක් ය.
(හතරවන දක්ෂිණා විශුද්ධිය යි)
සාසනයේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටින “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල දිවයින පුරා පිය නගමින් මේ වෙහෙසෙන්නේ ශාසනයේ දියුණුව සඳහාය. ඉතින් පසුගිය දිනක අසිරිමත් පින්කමක් ආර්ය මහා සංඝරත්නය මුල් කරගනිමින් සිදුකර ගැනීමට අපට අවස්ථාව උදා විය. ඒ ඇල්පිටිය ඉගල්ගොඩ සිරි රහල් ලෙන සෙනසුනේ වැඩ සිටින පින්වත් ස්වාමීන්වහන්සේලා උදෙසා අසිරිමත් දානමය පින්කමක් හා සංඝගත දක්ෂිණාවක් සිදු කරමින් ය.
පළමුව අසිරිමත් බුද්ධ පූජාවක් කැප සරු අයුරින් බුදුරජාණන් වහන්සේට පූජා කර , දෙවනුව ආර්ය මහා සංඝරත්නය වෙත අසිරිමත් සාර දානයක් පූජා කර අනේක විද පිරිකර පින්වත් ස්වාමින් වහන්සේලා වෙනුවෙන් පූජා කර , ස්වාමින් වහන්සේලා වෙනුවෙන් ඖෂධීය පා දෝවන පින්කමක් සිදුකර අවසානයේ කුටියේ ආරක්ෂාවට ප්‍රාකාර බැම්මක් සැකසීම පිණිස ශ්‍රමදායකත්වය ද ලබා දීම සිදු කෙරිණි. විහාරස්ථානය සම්පූර්ණයෙන් පිරිසිදුකර , පින්කම් මාලාව අවසානයේ පුණ්‍යානුමෝදනාත්මක ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන ලදී .
දිනය පුරා රැස් කර ගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයෝ පින්කම සම්බන්ධීකරණය කර දුන් ඉසුරු පයාගල මිතුරා ඇතුළු පවුලේ සියලු දෙනාට ද , දානය පූජා කිරීමට ද අනේක විද පිරිකර පූජා කිරීම පිණිස ද දායකත්වය දැරූ “සසුන් කෙත අස්වද්දමු” සියලු මිතුරන්ට ද , මෙම සෙනසුනේ ස්වාමින් වහන්සේට ද ඇතුලු සියලු ස්වාමින් වහන්සේලාට ද , වදනකින් සිතුවිල්ලකින් හෝ ශක්තියක්ම වූ සියලු දෙනාටත්, දැකබලා සාදු කියමින් අනුමෝදන් වන සියලු පින්වත් පිරිසටත්, මේ රැස්කර ගත්තා වූ කුසලානුභාව බලයෙන් සහ රත්නත්‍රයේ සූවිසි මහාගුණානුභාව බලයෙන් සැමට යහපතක්ම වේවා !
මෙත් සිතින් යුතුව රැස්කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්යධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා !
ලෝකයේ කෝටි ගණන් පිරිසක් එක් රැස් කර සතුටුවන විට “සසුන් කෙත අස්වද්දමු” අප සියලු දෙනා කාලය , ධනය , මිල මුදල් , ශ්‍රමය ආදී සියල්ලම කැප කර මේ අත්හැරීමෙන් ලබන නිරාමිස ප්‍රීතිය අතිමහත් ය. අද දිනයේ පින්කමෙන් රැස්කරගත්තා වූද , මෙලෙස අප අත් හැරීමෙන් පහළ වන සියලු පුණ්‍ය සංස්කාරයෝ ඒකාන්තයෙන්ම අපට නිවන් පිණිසම පවතීවා !
තෙරුවන් සරණයි !
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
Web Site :- https:// www. sasunketha.org
Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu
Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.