•► ප්රථමයෙන්ම “පංච වල්කල චූර්ණය” සඳහා නුග , දිඹුල් , රට ගොරකා , පුලිල යන මේවායේ පොතු ගෙන විනාඩි විස්සකට වඩා තම්බා එම ඖෂධ තැම්බූ වතුරෙන් හොඳින් පා දෝවනය කළ යුතුයි.
•► දෙවනුව කස්තුරි කහ , අරළු , වැල්මී , සුදුහඳුන් , රත් හඳුන් තැම්බූ වතුරින් පෙර ලෙස ම හොඳින් පා දෝවනය කළ යුතුයි.
•► අවසානයේදී තුන්වෙනි පියවර වශයෙන් මහා නාරායන තෛලය ආලේප කර හොඳින් පිරිමැද සම්බාහනය කළ යුතුයි.
පින්වත් මිතුරනි සංඝ උපස්ථාන ගණයට වැටෙන මෙම බෙහෙත් තෙල් ආලේප කිරීම මහත් ආනිසංස ලැබෙන්නා වූ පින්කමකි. වහා ධර්මය අවබෝධ වීමේ හැකියාව, දීර්ඝ ආයුෂ ලැබීම, රූමත් බව සහ නීරෝගී බව ලැබේ. එමෙන්ම උප නූපන් ජාතියෙහි ආහාර පානයන්ගෙන් හිගයක් නොවේ.
අපගේ කල්යාණ මිත්රයෙක් වන මුදිත සොයුරා බෞද්ධයා නාලිකාවේ සංවිධානය කළ කෝරලයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේගේ වැඩමකරවීමෙන් අද දින සිදුකළ ධර්ම දේශනාවට පෙරාතුව ඖෂධීය පැනින් උන්වහන්සේගේ පා දෝවනය කරමින් බෙහෙත් තෙල් පා ගල්වමින් සම්බාහන උපස්ථාන කරමින් නුවන් , උජිත් , ප්රසාද් සමගින් ආර්ය මහා සඝ රුවන උදෙසා සිදුකළ මෙම ඖෂධීය පා දෝවනය ඔබ සැම දැක බලා අනුමෝදන් වෙත්වා ! සියලු පින් නිවන් පිණිසම හේතු වේවා !
තෙරුවන් සරණයි !
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
Web Site :- https:// www. sasunketha.org
Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu
Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.