අතීතයේ රහතන් වහන්සේලාගේ උතුම් තෝතැන්නක් බවට පත්ව තිබූ හෙල අපේ මුතුන් මිත්තන් දාඩිය බිදු වගුරා ගොඩ නැගූ මෙම කූරගල පුදබිම බෞද්ධ ජනතාවට අහිමිවෙමින් යන මොහොතක අනේක දුක් ගැහැට විඳිමින් මෙම ස්ථානයට වැඩම කර මෙහි යලි බෞද්ධ ආගමික පුනරුදයක් ඇති කර මෙම පුදබිම නැවත ගොඩනැගීමේ කටයුතු සිදු කරන පූජනීය වතුර කුඹුරේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් පසුගිය 28 වන දින මෙහි අභිනව සෑ රජුන් තැනවීම පිණිස මුල් ගල් තැබීම සිදු කෙරිණි.
ඉතින් පෙර සසරේ පිනකට මෙහි මූලාරම්භය සිදුවන මොහොතේ මල් සැරසිලි සිදුකරමින් මෙම මුල් ගල තැබෙන භූමිය මනරම්ව සැකසීමේ අවස්ථාව “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැළට උදා වූවා. අධික වර්ෂාවේ වුවද අප්‍රමාණ කාය පූජාවන් සිදුකළේ මේ කාය පූජාවන් සම්බුදු සසුනේ උන්නතිය සඳහා පවතීවා යන උතුම් හැගීමෙන්ම ය.
කූරගල පුදබිමේ සිට දිනය පුරා ගඩොල් ඇදීමෙන් , ධර්ම ශ්‍රවනය කිරීමෙන් , මල් සැරසිලි කිරීමෙන් රැස්කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ පළමුව මෙම කූරගල පුදබිම යලි ගොඩනගන අපේ පින්වත් නෙල්ලිගල ස්වාමින් වහන්සේට අනුමෝදන් වේවා !එමෙන්ම මෙහි ප්‍රවාහන කටයුතු සඳහා දායකත්වය දැරූ නදීක ඩිල්ශාන්, මෙත්තා සිල්වා හා චමීර යන මිතුරන්ට ද , අපමණ කැපවීමෙන් අව්ව වැස්ස නොතකා මේ කටයුතු සිදුකළ “සසුන් කෙත අස්වද්දමු” මිතුරන්ට ද , මෙහි සම්බන්ධීකරණය කර දුන් මදුසංක ඇතුලු සියලු මිතුරන්ට ද පින් කැමති සියල්ලන්ට ද සියලු පින් සැප ප්‍රතිපදාවෙන් නිවරැදි පර්යාප්තියෙන් කෙටිම මගකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මෙම සියලු පුණ්‍ය ධර්මයෝ හේතු උපකාර වේවා !
තෙරුවන් සරණයි !
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
Web Site :- https:// www. sasunketha.org
Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu
Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.