හිමිදිරි උදෑසන බලංගොඩ ප්‍රදේශයේ ස්ථාන 4ක දී පිණ්ඩපාත දාන 4ක් පූජා කිරීමට අප හට අවස්ථාව උදාවිය. ගම්මාන පුරා සිසාරා අසිරිමත් පිණ්ඩපාත පින්කම් මෙලෙසින් සිදුකරගැනීමට ලැබීම ඉතාමත් භාග්‍යකි.
අවසානයේදී අප ඇමරිකන් ජාතික සුදු ස්වාම්න් වහන්සේ නමක් වැඩ සිටින ගල් කුටියකටම ගොස් උන් වහන්සේට උපස්ථාන කර දානය පූජා කිරීම සිදුකරන ලදී.
මෙලෙසින් බලංගොඩ ප්‍රදේශයේ..
✧ මහනෙටුල
✧ කල්තොට තන්ජන් තැන්න
✧ වේලි ඔය
✧ දඹගස් ආර
යන සෙනසුන් හී ස්වාමින් වහන්සේලා වෙත පිණ්ඩපාත දාන පූජා කිරීමෙන් උපස්ථාන කිරීමෙන් රැස්කළ සියලු පුණ්‍ය ධර්මයෝ පින්කම සංවිධාන කළ නුවන් මිතුරට ද , මාර්ගය පෙන්වූ ශශික මිතුරාට ද , ප්‍රවාහන පහසුකම් ලබා දුන් රසික මිතුරාට ද, උජිත් මිතුරාට ද ඇතුලු පින්කැමති සියලු දෙනාටම ද මෙම සෙනසුනේ ස්වාමින් වහන්සේට ද ඇතුලු සියලු ස්වාමින් වහන්සේලාට ද , වදනකින් සිතුවිල්ලකින් හෝ ශක්තියක්ම වූ සියලු දෙනාටත්, දැකබලා සාදු කියමින් අනුමෝදන් වන සියලු පින්වත් පිරිසටත්, මේ රැස්කර ගත්තා වූ කුසලානුභාව බලයෙන් සහ රත්නත්‍රයේ සූවිසි මහාගුණානුභාව බලයෙන් සැමට යහපතක්ම වේවා !මෙත් සිතින් යුතුව රැස්කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්යධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා !
ලෝකයේ කෝටි ගණන් පිරිසක් එක් රැස් කර සතුටුවන විට “සසුන් කෙත අස්වද්දමු” අප සියලු දෙනා කාලය , ධනය , මිල මුදල් , ශ්‍රමය ආදී සියල්ලම කැප කර මේ අත්හැරීමෙන් ලබන නිරාමිස ප්‍රීතිය අතිමහත් ය. අද දිනයේ පින්කමෙන් රැස්කරගත්තා වූද , මෙලෙස අප අත් හැරීමෙන් පහළ වන සියලු පුණ්‍ය සංස්කාරයෝ ඒකාන්තයෙන්ම අප හට නිවන් පිණිසම පවතීවා !
පිණ්ඩපාත දානය පූජා කිරීමේ පුණ්‍ය විපාක.
“ඒක පිණ්ඩපාත දායිකා” තෙරණින් වහන්සේ එක් භවයක දී පිණ්ඩපාත දානයක් පූජා කර තිබුණි.
අතීත භවයන් වල දී බුදු පියාණන් වහන්සේලා මුණ ගැසෙමින් නිවන් දකින්නට බොහෝ පින්කම් රැස්කර ගනිමින් ආ මෙම තෙරණින් වහන්සේ බන්ධුමතී නුවර උපත ලැබුවා ය. තරුණ වයසේ දී එහි සිටි බන්‍ධුමත් නම් රජුගේ බිරිඳ වූවා ය. හැම සම්පතක්ම විඳිමින් සිටිය දී මෙතුමිය දිනක් මෙසේ කල්පනා කළා ය.
” මම මැරෙන විට මොනවද රැගෙන යන්නේ ? මා කරගත් පින්කමක් ද නැත. මරණින් පසු මා බිහිසුණු , කටුක , දරුණු නිරයට වැටෙන එක ගැන නම් කිසිම සැකයක් නැහැ. ඒ නිසාම රජු ළඟට ගොස් දානයක් දෙන්නට අවසර ගන්න ඕනෑ.
මෙසේ සිතා මෙතුමිය රජුව මුණගැසී දානයක් දෙන්නට එක භික්ෂුවක් ලබාදෙන්න කියා රජුගෙන් අවසර ඉල්ලීය. රජතුමා අවසර දුන්නේය. නැවත මාළිගාවට ආ මෙතුමිය ප්‍රණීත ආහාරපාන සුවඳ විලවුන් සමඟ වටිනා සළු පිළි ද මේ හැම පූජාවක් සමග මහා පිණ්ඩපාත දානයක් දුන්නේ ය.
ඉන්පසු හැම මොහොතකදීම මෙතුමිය සිතුවේ එම මහා දානය ගැනයි. මරණින් පසු උපත ලැබුවේ තවුතිසා දෙවුලොවයි.
විටින් විට දෙවුලොව නැවත උපත ලබන විට දී දෙවිවරු තිහකට අග මෙහෙසිය විය. හැම තැනකදීම ඇය සිතන සිතන ප්‍රර්ථනා ඉෂ්ට විය.
ඉන්පසු විවිධ අවස්ථාවල දී සක්විති රජවරු විස්සකට අග මෙහෙසිය වූවා ය. මීට කල්ප අනූවකට පෙර දුන් ඒ මහා දානයේ ප්‍රතිඵල ලෙස දෙව්ලොව මිනිස් ලොව උපත ලැබූ මෙතුමිය අවසානයෙහි අප බුදුපියාණන් වහන්සේ ලොව පහළ වූ කාලයෙහි මිනිස් ලොව උපත ලබා තරුණ වයසේදී පැවිදි වූවාය.
ටික දිනකින්ම විදර්ශනා වඩා රහත් වූ මෙම තෙරණින් වහන්සේ එක් දිනක් අතීත භවයන් බලමින් අතීතයේ කළ මේ මහා පින්කම ගැන දේශනා කළාය.
❃ ❃ ❃ (අපදාන කථා, ඒක පිණ්ඩපාත දායිකා ථෙරාපදානය) ❃ ❃ ❃
තෙරුවන් සරණයි !
සාදූ ! සාදූ ! සාදූ !
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
Web Site :- https:// www. sasunketha.org
Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu
Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.