"යෝ සීලවා සීලවන්තේසු දදාති දානං
ධම්මේන ලද්ධං සූපසන්න චිත්තෝ
අභිසද්ධහං කම්ම ඵලං උළාරං
තං වේ දානං විපුල ඵලංති භ්රෑමීති"
යම් කෙනෙක් සීලවන්තව සිල්වතුන් හට දානයක් දෙනවා නම්, දැහැමින් ලද දානයක් දෙනවා නම්, අතිශයින්ම ප්‍රසන්න සිතින් යුතුව දානය දෙනවා නම්, එම දානය මහත්ඵල මහානිශංස වන විපුල වූ උදාර පුන්‍ය ඵලයක් ලැබෙන මහත් අනුසස් ගෙන දෙන දානයක් ය.
(හතරවන දක්ෂිණා විශුද්ධිය යි)
පසුගිය දිනක ජන්ම දිනය සැමරූ කල්‍යාණ මිත්‍ර නුවන් තෙන්නකෝන් අයියාගේ ජන්මදිනය නිමිත්තෙන් අගලවත්ත පිඹුර ධර්මරාජ යෝගාශ්‍රමයේදී සිදුකළ ,
🔸 ජීවමාන බුද්ධ සංඥාව පෙරදැරිකොට සිදු කළ බුද්ධ පූජාව,
🔸 මහාසංඝරත්නය විෂයෙහි දන් පැන් පූජා පවත්වා සිදුකළ සංඝගත දක්ෂිණාව,
🔸 දානය අවසානයේ සිදු කළ අසිරිමත් ධර්ම පුස්ථක පූජාව,
ආදී කොටගත් අනේක විද පූජාවන්ගේන් රැස් වූ සියලූම පුණ්‍ය ධර්මයෝ, ජන්ම දිනය සැමරූ නුවන් තෙන්නකෝන් අයියාටද , මේ සඳහා සම්බන්ධ වෙමින් සහය වෙමින් එක් වූ "සසුන් කෙත අස්වද්දමු" මිතුරු පිරිසටද , මූල්‍යමය දායකත්වය දැරූ සියලු පිරිසටද ,සේනාසනාධිපති පින්වත් ලක්පදුරේ සමිද්දි ස්වාමින් වහන්සේටද , ඇතුලු සියලු ස්වාමීන් වහන්සේලාට ද , ලෝකවාසී ආර්ය මහා සංඝ රත්නයට ද පින් කැමති සියල්ලන්ටම,මේ සියලූම පින් සැප සහිත ප්‍රතිපදාවෙන් පහසුම කෙටිම ආකාරයකින් උතුම් චතුරාර්යසත්යාවබෝධය පිණිසම ඔබ මා අප සැමටම උපණිශ්ර වේවා !!!
සක්‍ර දෙවියන් සතරවරම් දෙවියන් සුමන සමන් දෙවියන් ඇතුළු සියලූම සම්‍යක් දෘෂ්ටික පින් කැමති දෙවියෝ ද මේ සැම දැක බලා සතුටින් අනුමෝදන් වේවා !!!
එමෙන්ම මෙතෙක් අප සැම නමින් සංසාරගතව මිය පරලොව ගොස් අභව්‍යව පින් බලාපොරොත්තු ව වෙසෙන යම් සත්ව කොට්ඨාසයන් ඇත්ද ඒ සැමද මේ සියල්ල දැක බලා අනුමෝදන් ව වහ වහා දුකින් අත්මිදේවා !!!
තෙරුවන් සරණයි !
🌹 සාදූ ! සාදූ ! සාදූ ! 🌹
──────⊱❂⊰──────
❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ පින්කම් සඳහා සම්බන්ධ වීමට..
⚜ එක් වන්න අප සමග ⚜
👉 🌏 Web Site:-sasunketha.org
👉 🌀 Fb Page :-https://www.facebook.com/SasunKethaAswaddamu/
👉 🌀 Fb Group:-https://www.facebook.com/groups/1715908338447393
👉 🌀 Follow us on Instagram :-https:/www.instagram.com/sasunketha/
👉 🌀You tube :-https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.