පසුගිය දිනක යෙදුනු මාගේ ජන්ම දිනය නිමිත්තෙන් අප “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැළ ඌරන්වල දම්සර සෙනසුනේදී ආර්ය් මහා සඝ රුවන වෙනුවෙන් සිදුකළ අසිරිමත් ඖෂධීය පා දෝවන පින්කම හා ගල්ලෑල්ලේ පඤ්ඤාසාගර පින්වත් ස්වාමීන් වහන්සේගේ සුමදුර ස්වරයෙන් සිදුකළ අසිරිමත් ධර්ම දානමය පිංකම ද සියල්ලෝම දැක බලා ඉතා සතුටින් අනුමෝදන් වෙත්වා ,
◄•► ප්‍රථමයෙන්ම “පංච වල්කල චූර්ණය” සඳහා නුග , දිඹුල් , රට ගොරකා , පුලිල යන මේවායේ පොතු ගෙන විනාඩි විස්සකට වඩා තම්බා එම ඖෂධ තැම්බූ වතුරෙන් හොඳින් පා දෝවනය කළ යුතුයි.
◄•► දෙවනුව කස්තුරි කහ , අරළු , වැල්මී , සුදුහඳුන් , රත් හඳුන් තැම්බූ වතුරින් පෙර ලෙස ම හොඳින් පා දෝවනය කළ යුතුයි.
◄•► අවසානයේදී තුන්වෙනි පියවර වශයෙන් මහා නාරායන තෛලය ආලේප කර හොඳින් පිරිමැද සම්බාහනය කළ යුතුයි.
පින්වත් මිතුරනි සංඝ උපස්ථාන ගණයට වැටෙන මෙම බෙහෙත් තෙල් ආලේප කිරීම මහත් ආනිසංස ලැබෙන්නා වූ පින්කමකි. වහා ධර්මය අවබෝධ වීමේ හැකියාව, දීර්ඝ ආයුෂ ලැබීම, රූමත් බව සහ නීරෝගී බව ලැබේ. එමෙන්ම උප නූපන් ජාතියෙහි ආහාර පානයන්ගෙන් හිගයක් නොවේ.
පින්කමෙන් රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයෝ මේ සඳහා මූලිකත්වය ගත් පින්වත් “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැළටද, ගල්ලෑල්ලේ පඤ්ඤාසාගර පින්වත් ස්වාමීන් වහන්සේටද ඇතුළු පින් කැමති සියලු දෙනාටම උතුම් නිවන පිණිසම හේතු වේවා !
තෙරුවන් සරණයි !
🌹 සාදූ ! සාදූ ! සාදූ ! 🌹
_____________❂___________
❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ පින්කම් සඳහා සම්බන්ධ වීමට..
⚜ එක් වන්න අප සමග ⚜
👉 🌏 Web Site:-sasunketha.org
👉 🌀 Fb Page :-https://www.facebook.com/SasunKethaAswaddamu/
👉 🌀 Fb Group:-https://www.facebook.com/groups/1715908338447393
👉 🌀You tube :-https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.