ලොවම කොරෝනා වසංගතයෙන් ගිලගෙන ඇති අවස්ථාවක අම්බලන්ගොඩ ගල්දූව යෝගාශ්‍රමයේ ස්වාමින් වහන්සේලා 80 නමක් විෂයෙහි දානය පූජා කරමින් අපට අතිශය දුර්ලභ පින්කමක් අසිරිමත් ලෙස සිදුකර ගැනීමට හැකි වූවා..
සතියක් වැනි ඉතා කෙටි කලක් තුළ ස්වාමීන් වහන්සේලාගේ උදෑසන දානය සහ දහවල් දානය මනාව සංවිධානය කරමින් ඉතා ශ්‍රද්ධාවෙන් මාගේ ජන්ම දිනය යෙදුණු ඊයේ දින අපගේ අතින්ම මෙම අසිරිමත් දානය පූජා කර ගැනීමට ලැබීම මොනතරම් භාග්‍යයක්ද ,
🔸 ජීවමාන බුද්ධ සංඥාව පෙරදැරිකොට උදෑසන දහවල් බුද්ධ පූජාව පූජා කරමින් , ස්වාමින් වහන්සේලාගේ පා දෝවනය කර පාවඩ මතින් වැඩමවා, ස්වාමීන් වහන්සේලාට හීල් දානය ද දහවල් දානය ද පූජා කරමින්,
🔸 ඡට්ඨ සංගායනාවට අදාල විනය ටීකා ග්රන්ථ පූජා කරමින්
🔸 මිරිවැඩි සඟල් අසූවක් පූජා කරමින්,
🔸 ස්වාමින් වහන්සේලාට විශේෂ බෙහෙත් ද්‍රව්‍ය පූජා කරමින්,
🔸 අෂ්ඨපරිෂ්කාර ආදී කොට ගත් සියලු පිරිකර පූජාවන් ද පූජා කරමින්,
🔸 ස්වාමීන් වහන්සේලාට වන්දනා කරමින්,
🔸 ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරමින්,
🔸 ධර්ම ශ්‍රවණය කරමින්,
රැස් කර ගත්තා වූ අපිරිමිත සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පින්කම සම්බන්ධීකරණය කරදුන් පියල් මහතා , මනෝජ් ,අමිල මිතුරන්ටද , මෙම දාන වස්තුව සැකසීමට අපමණ කැපවීමෙන් දායක වූ සමන් , විදුර , දම්මික ඈතුලු සියලු දෙනාටද ,සතියකට වඩා අඩු කෙටි කාලයක් තුල මෙම දානයේ සියලු දෑ භාරගනිමින් , පීරිකර සදහා සියලු ද්‍රව්‍ය භාරගනිමින් , සෙසු පිරිකරද ඖෂධ පූජාවන් සදහා සම්බන්ද වෙමින් , ටීකා ග්රන්ථ පූජාවෙන් සම්බන්ද වෙමින් මෙම දානය මුල සිට අග දක්වාම මනා පිළිවෙලකට සිදු කිරීම පිණිස අපමණ කැපවීමෙන් දායකත්වය දැරූ "සසුන් කෙත අස්වද්දමු" මිතුරු කැළටද ඇතුළු සියලු පිරිසට , අපමණ කැප වීමෙන් කාය පූජාවෙන් දානමය පින්කමට සම්බන්ධ වූ සියලු කල්‍යාණ මිත්‍රයන්ට ද , පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේ ඇතුළු යෝගාශ්‍රම සංස්ථාවේ සියලු ස්වාමීන් වහන්සේලාට ද ලෝකවාසී ආර්ය මහා සංඝ රත්නයට ද , මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා! 🙏
මේ දානයේ ඉතාම විශේෂත්වය වන්නේ
දුර්භික්ෂ අවස්ථාවක් වීම,
වස් තුන් මාසය අවසන්වීමට පෙර දන් පැන් පූජාකරගන්නට හැකිවීමයි.
එවැනි අවස්ථාවක් ජීවිත කාලයේදී යළිත් උදානොවනු ඇත.....
🌺🌺🌺🌺🌺
තෙරුවන් සරණයි !
🌹 සාදූ ! සාදූ ! සාදූ ! 🌹
──────⊱❂⊰──────
❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ පින්කම් සඳහා සම්බන්ධ වීමට..
⚜ එක් වන්න අප සමග ⚜
👉 🌏 Web Site:-sasunketha.org
👉 🌀 Fb Page :-https://www.facebook.com/SasunKethaAswaddamu/
👉 🌀 Fb Group:-https://www.facebook.com/groups/1715908338447393
👉 🌀 Follow us on Instagram :-https:/www.instagram.com/sasunketha/
👉 🌀You tube :-https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.