උපසම්පදා විනය කර්මයෙහි මූලිකත්වය උසුලන මහෝපාධ්යාන් වහන්සේ හා කර්මාචාර්යයන් වහන්සේලා, ගණපූරකයන් වහන්සේලා මෙන්ම උපසම්පදා අපේක්ෂිතයන් වහන්සේලා ද තුන් සිවුරෙන් යුක්ත වීම මෙහිලා අනිවාර්යය වේ.
එනම් සංඝාටිය නොහොත් දෙපට සිවුර,උත්තරාසංගය නොහොත් තනිපට සිවුර හා අන්තරවාසකය නොහොත් අඳනය යන තුන් සිවුරෙන් යුක්ත වීමයි.
චීවරය සඳහා යෝග්‍ය රෙදි වර්ග හයක් බුදුරජාණන් වහන්සේ විසින් විනය පිටකයේ මහාවග්ගපාලියේ මෙසේ අනුදැන වදාරන ලදී.
” අනුජානාමි භික්ඛවේ ජ චීවරානි,ඛෝමං, කප්පාසිකං,කොසෙයයං,කම්බලං,සාණං,භංගං”
එලෙස චිවර සඳහා යෝග්‍ය,ගස් වල කෙදි වලින් තනන ලද රෙදි ,කපු නූලෙන් වියන ලද රෙදි,පට රෙදි,එළු ලොමින් තනන ලද රෙදි,හන කෙදි වලින් තනන ලද රෙදිය.
තුන්සිවුර සඳහා ජංගෙය්‍ය ,ගීවෙය්‍ය නමින් රෙදි පටි දෙකක් එකතු විය යුතුය.ජංගෙය්‍ය යනු දණහිස් වලින් පහළ බත්කෙණ්ඩ ප්‍රදේශයේ සිවුරු ඇඟේ ඇතිල්ලෙන කෙළවරට මසනු ලබන සිවුරු පටියයි.
ගීවෙය්‍ය යනු, කරේ චීවරය ස්පර්ශ වන කෙළවරට මසනු ලබන පටියයි.
මෙම ක්‍රියාවලිය තුළින් සිවුරු ඉක්මනින් දිරාපත් වීම,කිලිටු වීම අවම කරයි.
භික්ෂුවක් ගම් වැදීමේදි සිවුරු උභයාංශ කළ කල්හි සිවුර හුළඟෙ යෑම වලක්වා ලීම සඳහා ගණ්ඨිය හා පායාසය යොදයි.
බුද්ධ ආඥාව පරිදි උපසම්පදා විනය කර්මයේ දී පාත්‍ර චීවර ආචික්ඛණය සිදුකරනු ලබයි.
“උපජ්ඣං ගහපෙත්වා පත්ත චීවරං ආචික්ඛිතබ්බං”
එවිට උපාධ්‍යයන් වහන්සේ,
අයං තේ පත්තො ?
අයං සංඝාටි?
අයං උත්තරාසංගො?
අයං අන්තරවාසකො? යැයි පාත්‍ර සිවුරු පිළිබඳව උපසම්පදා අපේක්ෂකයන් වහන්සේට හඳුන්වාදීම සිදුකරන අතර එහි දී පාත්‍රය හා තුන්සිවුර ශාසනික භික්ෂුත්වය තුළ වැදගත් ශ්‍රමණ පරිෂ්කාරයන් වශයෙන් වඩාත් ගම්‍යමාන කොට දක්වයි.
මෙම තුන් සිවුරු කසට පැහැයෙන් යුක්ත විය යුතු අතර, එහි විනයානුකූල භාවය සඳහා කොස් මුල්,මහෝගනී පොතු ආදිය යොදාගනිමින් , අවසන බෝඹු කොළ තැම්බූ වතුරෙන් සේදීම සිදු කළ යුතුය. එතුලින් තිචීවරයෙහි විනයානුකූල භාවය ආරක්ෂා ආරක්ෂාවන අතර උපසම්පදා විනයකර්මයය සදහාද යෝග්‍ය වේ.
බුද්ධ කාලයේ පටන් පැවත එන පුරාණ චාරිත්‍ර ධර්මයන්ට අනුකූලව සිවුරු සකස් කරගැනීම මෙහිදි සිදුවන අතර එය භික්ෂූ අනන්‍යතාවය ද මනාව පිළිඹිබු වන්නකි.
ඉතින් අප කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමින් වහන්සේ නමකගේ උපසම්පදා විනය කර්මය වෙනුවෙන්
🔸 තුන් සිවුර
🔸 පාත්‍රා තවිකය
🔸 පත්කඩ
අපගේ අතින්ම පඩු පෙවීමේ අතීශය දුරලභ අවස්ථාව අපට අද දින උදා වූවා ,මෙම අසිරිමත් පින්කම් මාලාවෙන් ජනිත වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මෙම පිංකම සඳහා අපමණ කැපවීමෙන් පඩු සකස් කිරීම සිදුකළ රුසිරු මල්ලි ඇතුළු දකුණු පලාතේ සසුන් කෙත අස්වද්දමු මිතුරු කැළටද , මේ සදහා අපමණ කැපවූ සුපුන් අයියාටද ,මේ දුර්ලභ අවස්ථාව අපට උදා කර දුන් පින්වත් දම්මගවේසී ස්වාමින් වහන්සේටද ඇතුලු සියලු ස්වාමීන් වහන්සේලාට ද , ලෝකවාසී ආර්ය මහා සංඝ රත්නයට ද , මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර, සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා ! 🙏
රටේ පවතින මෙම රෝග බිය දුරු වී මුළු රටටම ඉක්මනින් සෞභාග්‍ය උදාවේවා ! 🙏
තෙරුවන් සරණයි !
🌹 සාදු ! සාදු ! සාදු ! 🌹
──────⊱❂⊰──────
❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ පින්කම් සඳහා සම්බන්ධ වීමට..
⚜ එක් වන්න අප සමග ⚜
👉 🌏 Web Site:-sasunketha.org
👉 🌀Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
👉 🌀Fb Group:-https://www.facebook.com/groups/1715908338447393
👉 🌀Follow us on Instagram :-https:/www.instagram.com/sasunketha/
👉 🌀You tube :-https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.