අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය යනු පහත ගුණාංගයන්ගෙන් යුතු භික්ෂූන් වහන්සේලා බිහි කිරීම අරමුණ කර ගෙන පිහිටුවන ලද භික්ෂු පුහුණු මධ්‍යස්ථානයකි.
1. නිර්වාණාධිගමනය සඳහා අවශ්‍යය වන ප්‍රාමාණික පර්යාප්ති දැනුම සහ ප්‍රතිපත්තිය පිළිබඳ අවබෝධය ඇති භික්ෂූන් වහන්සේ – අත්ථහිත භික්ඛු
2. ගිහි පැවිදි දෙපාර්ශවයටම නිර්වාණ මාර්ගයෙහි නිවැරදි ලෙස ගමන් කිරීමට අවශ්‍යය උපදේශ සහ මාර්ගෝපදේශකත්වය ලබා දීමට සමර්ථ භික්ෂූන් වහන්සේ – පරහිත භික්ඛු
3. ථේරවාද විනයට අනුව විනය කර්මාදිය මනා කොට සිද්ධ කරමින් ශාසනයේ චිරකල් පැවැත්වීමට සමර්ථ ව්‍යක්ත ප්‍රතිබල භික්ෂූන් වහන්සේ – සාසනභාරධාරී භික්ඛු
ආරම්භක ස්වාමීන් වහන්සේලා
ශ්‍රී රාමඤ්ඤ මහා නිකායේ අනුනායක සහ ශ්‍රි කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාධිපති අපවත් වී වදාළ අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා නායක ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යය භික්ෂූන් වහන්සේලා පිරිසක් බුරුම රට ධර්ම විනය මනා කොට හදාරා තායිලන්තාදී රට වල ද ආරණ්‍යය සේනාසන වල යම් පුහුණුවක් ලබා ශ්‍රී ලංකාවේ කරුවලගස් වැව ප්‍රදේශයේ අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය පිහිටු වන ලදී.
මෙම ධර්මායතනයේ ලබන ප්‍රධාන විෂයන්
1. ත්‍රිපිටක පාළිය
2. අර්ථකථා
3. ටීකා
4. සංග්‍රහ ග්රන්ථ
5. ථේරවාද සම්ප්‍රදායට අදාළ භාවනා ක්‍රම
ඉතින් මෙවන් වටිනා පුදබිමක “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැළට 600කට අදික පැල ප්‍රමාණයක් සිටුවමින් දිවා රෑ පින් වැඩෙන අසිරිමත් රුක් රෝපණ පින්කමක් සිදු කිරීමට හැකි වුනා, මෙහිදී මූලික වශයෙන් අපට
🔸කුඹුක්
🔸 කරද
🔸 මයිල
🔸 මී
පැළ අපගේ අතින්ම සිටුවීමේ අතීශය දුරලභ අවස්ථාව අපට උදා වූවා ,මෙම අසිරිමත් පින්කම් මාලාවෙන් ජනිත වූ සියලුම පුණ්‍ය ධර්මයෝ ,මේ සදහා ප්‍රවාහන පහසුකම් දරමින් දායකත්වය දැරූ
🔸බිනාරා ලිහිණිකඩුව නැන්දාටද
🔸 නීලකාන්ති සොහොයුරියටද
🔸 දර්ශන අතුකෝරාළ පුතුටද
මෙම පිංකම සඳහා අපව සම්බන්ද කරගත් පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන් වහන්සේටද , සිද්ධත්ථ ස්වාමින් වහන්සේ ,නාගිත ස්වාමින් වහස්නේටද ,ඇතුළු ලෝකවාසී ආර්ය මහා සංඝ රත්නයට ද , මෙහි සම්බන්දීකරණ කටයුතු සිදු කළ උජිත් මිතුරාටද , අපමණ කැපවීමෙන් අදික වර්ශාවේ වුවද මේ පින්කම සදහා සම්බන්ද වූ “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැළටද , , මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර, සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා ! 🙏
රටේ පවතින මෙම රෝග බිය දුරු වී මුළු රටටම ඉක්මනින් සෞභාග්‍ය උදාවේවා ! 🙏
තෙරුවන් සරණයි !
🌹 සාදු ! සාදු ! සාදු ! 🌹
──────⊱❂⊰──────
❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ පින්කම් සඳහා සම්බන්ධ වීමට..
⚜ එක් වන්න අප සමග ⚜
👉 🌏 Web Site:- https://sasunketha.org
👉 🌀Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
👉 🌀Fb Group:-https://www.facebook.com/groups/1715908338447393
👉 🌀Follow us on Instagram :-https:/www.instagram.com/sasunketha/
👉 🌀You tube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.