අනුරාධපුර තිසාවැව ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථානය වෙත ත්‍රිපිටක පොත් පූජා කරමින් විහාරස්ථානයේ පින්වත් ස්වාමින් වහන්සේලාගේ ධර්ම ඥානය වර්ධනය කරගනිමින් ගම් දනව් සිසාරා පින්වත් මිනිසුන් වෙත නිර්මල සද්ධර්මය දේශනා කිරීමට හේතු උපකාරී වන ත්‍රිපිටක පොත් පූජාවක් ඉතාමත් ශ්‍රද්ධාවෙන් සිදුකර ගැනීමට අපට හැකි වීම භාග්‍යක්මයි.
මෙහි විශේෂම කාරණාව වන්නේ මෙම අසිරිමත් ධර්ම දාන පින්කම සඳහා ගම්මානයේ සියලු ගම් වැසියන්ම සම්බන්ධ කර ගැනීමට හැකි වීමයි. මෙහි දැනට ස්වාමින් වහන්සේලා හතර නමක් පමණ වැඩ වාසය කරන අතර මෙහි උග්‍ර අඩුපාඩුවක් බවට පත් වී තිබූයේ මෙම ත්‍රිපිටක පොත් කට්ටලයන්ගේ හිඟයයි. ඉතින් එම අඩුපාඩුව සපුරාලමින් ඉතාමත් ශ්‍රද්ධාවෙන් බුදුගුණ සජ්ඣායනා කරමින්ම ධර්ම දානය කිරීම පිණිස, එම විහාරස්ථානයේ වැඩ වසන ස්වාමීන් වහන්සේලාගේ දහම් දැනුම වර්ධනය පිණිසත්, සම්බුද්ධ සාසනයේ උන්නතිය උදෙසාත් , උන් වහන්සේලා කළ ඉල්ලීම පරිදි අපට හමු වූ මෙම විහාරස්ථානයට කළ මේ ධර්ම දානය බෙහෙවින් මින් ඉදිරියට මහා සංඝරත්නයත්, සම්බුද්ධසාසනයටත් මහත් ප්‍රයෝජනවත් වන බව නිසැකවම කිව හැක. විහාරය වෙත පාගමනින් ත්‍රිපිටක පොත් වැඩම කරමින්, පූජා කරමින්, ගමේ සියලූ දෙනාට ද පින්කරගැනීමේ දුර්ලභ අවස්ථාව උදා කරමින් දිනය පුරා රැස්කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ , මෙම ත්‍රිපිටක පූජාව සඳහා සම්පූර්ණ මූල්‍ය දායකත්වය දරමින් මෙම පින්කම සම්බන්ධීකරණය කළ,
🔸 හශිනි චතුරිකා අක්කාටද මහීශ අයියට ඇතුළු එම දෙපලටද ,
විහාරාධිපති ස්වාමින් වහන්සේටද ඇතුලු සියලු ස්වාමින් වහන්සේලාටද එමෙන්ම “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලේ සියලු මිතුරන්ටද , පින් කැමති සියල්ලටම ද මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර , සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා ! 🙏
රටේ පවතින මෙම රෝග බිය දුරු වී මුළු රටටම ඉක්මනින් සෞභාග්‍ය උදාවේවා ! 🙏
🌹 සාදු ! සාදු ! සාදු ! 🌹
──────⊱❂⊰──────
❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ පින්කම් සඳහා සම්බන්ධ වීමට..
⚜ එක් වන්න අප සමග ⚜
👉 🌏 Web Site:-sasunketha.org
👉 🌀Fb Page :-https://www.facebook.com/SasunKethaAswaddamu/
👉 🌀Fb Group:-https://www.facebook.com/groups/1715908338447393
👉 🌀Follow us on Instagram :-https:/www.instagram.com/sasunketha/
👉 🌀You tube :-https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.