පින්වත් මිතුරනි, කල්ප සිය දහස් ගණනකින් වත් නොලැබෙන්නා වූ, අති උතුම් බුද්ධාන්තරයක උපත ලබා ඇති සමයක, භාග්‍යවතුන් වහන්සේගේ උතුම් හද මඬලෙන් උපන් ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නය විෂයෙහි ඉතාමත්ම දුර්ලභ මහානීය කුසල කර්මයක් කිරීමට අප සැම වාසනාවන්ත වූයෙමු. නා උයන ආරණ්‍යය සේනාසනයේ වැඩ වාසය කරන්නා වූ සංඝරත්නය උදෙසා බෙහෙත් ඖෂධ වලින් සකස් කරගන්නා වූ ඔසු පැන් වලින් පා දෝවනය කර, බෙහෙත් තෙල් ගල්වා, උන්වහන්සේලාට සුවසේ මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම පිණිස ඖෂධීය සත්කාරයක් කිරීමේ භාග්‍ය පසුගියදා අපහට ලැබුනි. ඒ සඳහා අවශ්‍ය කරන බෙහෙත් වර්ග වනුයේ.
🔹 කල්කය සඳහා..
▪️කස්තුරි කහ
▪️අරළු
▪️වැල්මී
▪️සුදු හඳුන්
▪️රත් හඳුන්
🔹 පංච වල්කල චූර්ණය සඳහා..
▪️නුග පොතු
▪️අට්ටික්කා පොතු
▪️රට ගොරකා පොතු
▪️කිරි පැල්ල පොතු
▪️නිදිකුම්බා ගස්
▪️නැවුම් තෙල් එඪරු කොළ
▪️මහා නාරායණ තෛලය.
ප්‍රථමයෙන්ම චූර්ණය සහ කල්කය සඳහා වෙන වෙනම ඖෂධ භාජන දෙකකට බෙදා, සෑහෙන ප්‍රමාණයට වතුර යොදා, හොඳින් තම්බා ගන්නා ලදී. ඉන් පසුව තෙල් එඬරු කොළ බේසම වටේට යොදා එයට සාදාගත් ඖෂධ පැන් වත් කරන ලදී. ශක්රදේවේන්ද්රයාණන් විසින් භාග්‍යවතුන් වහන්සේ බැහැ දැකීමට පැමිණ උන්වහන්සේගේ දෙපා පිරිමදිමින්, සිඹිමින්, සම්භාහනය කරන්නේ යම්සේද, ඒ ආකාරයෙන්ම ආර්ය මහා සංඝරත්නය වැඩම කරවීමෙන් පසු උන්වහන්සේලාගෙන් ගෞරව සම්ප්රයුක්තව අවසර ලබාගෙන පළමුවෙන්ම කල්කයෙන් දෙපා හොඳින් සෝදන ලදී. ඉන්පසුව “පංච වල්කල චූර්ණයෙන්” ද දෙපා සෝදා, අවසාන පියවර වශයෙන් “මහා නාරායන තෛලය” ගෙන දෙපා හොඳින් පිරිමැද සම්භාහනය කරන ලදී.
පින්වත් මිතුරනි, සංඝ උපස්ථාන ගණයට වැටෙන මෙම බෙහෙත් තෙල් ආලේප කිරීම මහත් ආනිසංස ලැබෙන්නා වූ පින්කමකි. වහා ධර්මය අවබෝධ වීමේ හැකියාව, දීර්ඝ ආයුෂ ලැබීම, රූමත් බව සහ නීරෝගී බව ලැබේ. එමෙන්ම උප නූපන් ජාතියෙහි ආහාර පානයන්ගෙන් හිඟයක් නොවන බවත් ධර්මයේ සඳහන් වේ.
එමෙන්ම ස්වාමින් වහන්සේලා වැඩම කළ මාර්ගය පුරාවට ඖෂධීය සුවඳ පූජාවක් සිදු කරන ලදී. ඒ සඳහා අවශ්‍ය කරන බෙහෙත් වර්ග වනුයේ,
1. හොඳම තත්වයේ සාම්බ්‍රානි 500g ක්
2. කපුරු 250g ක්
3. හල් දුම්මල 50g ක්
4. දේවදාර 50g ක්
5. සුවඳ කොට්ටන් 50g ක්
6. සුදු හඳුන් 50g ක්
7. රත් හඳුන් 50g ක්
8. සැවැන්දරා 50g ක්
9. අගිල් 50g ක්
10. ගුගුල් 50g ක්
11. ජටාමංස 50g ක්
12. බැබිල මුල් 50g
13. වැල් මී 50g
14. රසකිද 50g
15. කුන්දිරික්කන් කැට 100g
16. කැකුණ ඉටි 100g
17. හොර ඉටි 100g
18. බිම් දුම්මල 100g
🔹 සංඝ උවැටන යනු.
මේ විශ්වය පුරාම විමසා බැලුවත් දෙව්ලොව බඹලොවදී පවා සිදු කර ගත නොහැකි අසිරිමත් පුණ්‍ය ධර්මයකි.
මේ මිනිස් ලොව පමණක්ම.
අති දුර්ලභව සිදුකර ගත හැකි.
සුඛා සාමඤ්ඤතා ලොකෙ.
අථො බ්‍රහ්මඤ්ඤතා සුඛා.
ලොව මහණුන් කෙරෙහි ඇප උපස්ථානාදියෙන් මොනොවට පිළිපැදීම සුව ය.
මෙම අසිරිමත් පින්කම් මාලාවෙන් ජනිත වූ සියලු පුණ්‍ය ධර්මයෝ ඖෂධීය පාදෝවනය හා ඖෂධීය සුවද පූජාව සඳහා මූලිකත්වය ගත් පින්වත් හර්ශ හා නුවන් ඇතුලු “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැළටද, නාරද ස්වමින් වහන්සේ , ශාන්ත කෝවිද ස්වාමින් වහන්සේ ඇතුලු සියලු ස්වාමින් වහන්සේලාටද , පින් කැමති සියලු දෙනාටම ද මේ පින උතුම් නිවන පිණිසම හේතු වේවා ! 🙏
තෙරුවන් සරණයි !
🌹 සාදූ ! සාදූ ! සාදූ ! 🌹
____________❂__________
❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ පින්කම් සඳහා සම්බන්ධ වීමට..
⚜ එක් වන්න අප සමග ⚜
👉 🌏 Web Site:-sasunketha.org
👉 🌀 Fb Page :-https://www.facebook.com/SasunKethaAswaddamu/
👉 🌀 Fb Group:-https://www.facebook.com/groups/1715908338447393
👉 🌀You tube :-https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.