පින්වත් මිතුරනි, කල්ප සිය දහස් ගණනකින් වත් නොලැබෙන්නා වූ, අති උතුම් බුද්ධාන්තරයක උපත ලබා ඇති සමයක, භාග්‍යවතුන් වහන්සේගේ උතුම් හද මඬලෙන් උපන් ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නය විෂයෙහි ඉතාමත්ම දුර්ලභ මහානීය කුසල කර්මයක් කිරීමට අප සැම වාසනාවන්ත වූයෙමු,ලොවම කොරෝනා වසංගතයෙන් ගිලගෙන ඇති අවස්ථාවක නා උයන ධර්මායතනයේ ස්වාමින් වහන්සේලා විෂයෙහි දානය පූජා කරමින් අපට අතිශය දුර්ලභ පින්කමක් අසිරිමත් ලෙස සිදුකර ගැනීමට හැකි වූවා..
සතියක් වැනි ඉතා කෙටි කලක් තුළ ස්වාමීන් වහන්සේලාගේ දහවල් දානය මනාව සංවිධානය කරමින් ඉතා ශ්‍රද්ධාවෙන් පසුගිය දිනක අපගේ අතින්ම මෙම අසිරිමත් දානය පූජා කර ගැනීමට ලැබීම මොනතරම් භාග්‍යයක්ද ,
🔸 ජීවමාන බුද්ධ සංඥාව පෙරදැරිකොට උදෑසන දහවල් බුද්ධ පූජාව පූජා කරමින් , ස්වාමින් වහන්සේලාගේ පා දෝවනය කර පාවඩ මතින් වැඩමවා, ස්වාමීන් වහන්සේලාට හීල් දානය ද දහවල් දානය ද පූජා කරමින්,
🔸 නා උයන ධර්මායතනයේ ස්වාමීන් වහන්සේලාටද සුදම්මිකා අනගාරිකා ආරණ්‍යයේ අනගාරිකා මෑණිවරුන්ටද දානය පූජා කරමින්
🔸 මිරිවැඩි සඟල් පූජා කරමින්,
🔸 දානය පිසීම පිණිස දාන ශාලාවට අවශ්‍ය ඉතා වටිනා ආයුද පූජාවක් සිදු කරමින් ,
🔸 ස්වාමින් වහන්සේලාට විශේෂ බෙහෙත් ද්‍රව්‍ය පූජා කරමින්,
🔸 අෂ්ඨපරිෂ්කාර ආදී කොට ගත් සියලු පිරිකර පූජාවන් ද පූජා කරමින්,
🔸 ස්වාමීන් වහන්සේලාට වන්දනා කරමින්,
🔸 ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරමින්,
🔸 ධර්ම ශ්‍රවණය කරමින්,
මෙම දාන වස්තුව සැකසීමට අපමණ කැපවීමෙන් දායක වූ සමන් , විදුර , දම්මික ඈතුලු සියලු දෙනාටද , සතියකට වඩා අඩු කෙටි කාලයක් තුල මෙම දානයේ සියලු දෑ භාරගනිමින් , පීරිකර සදහා සියලු ද්‍රව්‍ය භාරගනිමින් , සෙසු පිරිකරද ඖෂධ පූජාවන් සදහා සම්බන්ද වෙමින් , ආයුද පූජාව සදහා සම්බන්ද වෙමින් මෙම දානය මුල සිට අග දක්වාම මනා පිළිවෙලකට සිදු කිරීම පිණිස අපමණ කැපවීමෙන් දායකත්වය දැරූ “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැළටද ඇතුළු සියලු පිරිසට , බුද්ධපූජාව සදහා මූලිකත්වය ගෙන කටයුතු කළ නුවන් ඇතුලු පිරිසටද .පලතුරු පූජාව සදහා මූලිකත්වය ගෙන කටයුතු කල මලින්ද අයියා ඇතුලු පිරිසටද ,අපමණ කැප වීමෙන් කාය පූජාවෙන් දානමය පින්කමට සම්බන්ධ වූ සියලු කල්‍යාණ මිත්‍රයන්ට ද , පූජ්‍යපාද නාරද ස්වාමීන් වහන්සේ ,ශන්ත කෝවිද ස්වාමින් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට ද ලෝකවාසී ආර්ය මහා සංඝ රත්නයට ද , මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම
නිවන් පිණිසම හේතුවේවා! 🙏
මේ දානයේ ඉතාම විශේෂත්වය වන්නේ
දුර්භික්ෂ අවස්ථාවක් වීම,
වස් තුන් මාසය අවසන්වීමට පෙර දන් පැන් පූජාකරගන්නට හැකිවීමයි.
එවැනි අවස්ථාවක් ජීවිත කාලයේදී යළිත් උදානොවනු ඇත…..
🌺🌺🌺🌺🌺
තෙරුවන් සරණයි !
🌹 සාදූ ! සාදූ ! සාදූ ! 🌹
──────⊱❂⊰──────
❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ පින්කම් සඳහා සම්බන්ධ වීමට..
⚜ එක් වන්න අප සමග ⚜
Web Site:-sasunketha.org
Fb Page :-https://www.facebook.com/SasunKethaAswaddamu/
Fb Group:-https://www.facebook.com/groups/1715908338447393
Follow us on Instagram :-https:/www.instagram.com/sasunketha/
You tube :-https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.