උතුම් බුද්ධ සාසනයකම පමණක් සිදු කරගත හැකි අතිශය දුර්ලභ පිංකමක් “සසුන් කෙත අස්වද්දමු” අපට සිදු කරගත හැකි වූවා. සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ නමුත් අතිශය රමණීය ප්‍රදේශයක පිහිටි ගල්ලෙනක වැඩවසන අති පූජනීය මඩකඩකන්ද ආරණයේ නායක ස්වාමීන්වහන්සේට ද ඉදිරියට වැඩවසන නිවන් මග වඩන පිංවත් ස්වාමීන්වහන්සේලාට ද සුවසේ වැඩ සිටීමට හැකිවන පරිදි එම ගල්ලෙනෙහි පිළිසකර කිරීම් කටයුතු කලා.,
✪ උදෑසනම ගිලීමලේ ප්‍රදේශයට ගිය අප ආර්යය මහා සංඝරත්නය අරමුණු කොට නායක ස්වාමීන්වහන්සේට පිණ්ඩපාත දානය පූජා කලා.
✪ ගල්ලෙන තුලට ජලය ගලා ඒම වැළැක්වීමට ගලෙහි කටාරම් කොටනු ලැබුවා.
✪ මහත් වූ වීර්යයෙන් යුතුව කරමතින් කන්ද මුදුනට ගල්, වැලි, සිමෙන්ති අදිමින් පිංවත් ස්වාමීන්වහන්සේට සුවසේ ගමන් කිරීම පිණිස ගල්ලෙනට පැමිණෙන පඩිපෙල් සහිත මාර්ගය සකස් කරනු ලැබුවා.
✪ සිමෙන්ති යොදා භාවනා ආසනයක් සකස් කරනු ලැබුවා.
✪ කිලෝමිටර දෙකක් පමණ ආරණ්‍යට ගමන් කරන සම්පුර්ණ ගමන් මාර්ගය සකස් කරනු ලැබුවා .
✪ පලම් සකස් කරනු ලැබූවා .
✪ දිනය පුරාම සංඝ උපස්තාන කටයුතු සිදු කරනු ලැබුවා.
✪ ගල් වැටි යෙදීම සිදු කරා
✪ පොකුණ සුද්ද පවිත්‍ර කිරීම සිදුකරනු ලැබුවා
✪ කිලෝ දහසක් පමණ බර ගල් පෙරලා කුටියට තිබූ සියලු අවහිරතා ඉවත් කරනු ලැබූවා .
✪ මැටි ආලේප කර කුස්තූර පුරවනු ලැබූවා .
සම්බුද්ධ සාසනය පිළිබඳ දුර්මත ප්‍රචාරය වන මෙවැනි කලෙක මෙවැනි දුර්ලභ පිංකම් අපහට සිදුකිරීමට ලැබීමත් ඔබහට අසන්නට ලැබීමත් අප කරන ලද පුණ්‍ය විපාකයන් වල ප්රතිඵලමයි. ඉතිං අප දිනය පුරාම සිදුකරගත් සියලු පුණ්යධර්මයෝ කාය පූජාවෙන් සහභාගී වූ සැමටත් ආහාර පාන සම්පාදනය කර දුන් සමීර මිතුරාටත් , පින්වත් ඔබ සැමටත් නිවන් අවබෝධය පිණිසම හේතුවේවා!
තෙරුවන් සරණයි!
🌹 සාදු ! සාදු ! සාදු ! 🌹
──────⊱❂⊰──────
❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ පින්කම් සඳහා සම්බන්ධ වීමට..
⚜ එක් වන්න අප සමග ⚜
Web Site:-sasunketha.org
Fb Page :-https://www.facebook.com/SasunKethaAswaddamu/
Fb Group:-https://www.facebook.com/groups/1715908338447393
Follow us on Instagram :-https:/www.instagram.com/sasunketha/
You tube :-https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.