රන්වැලි සෑ රජුන් උදෙසා හිමිදිරි උදෑසන සිදුකල කිරිපිඩු පූජාව
නව අරහාදී බුදුගුණ වලින් සමන්විත අපගේ බුදුරජාණන් වහන්සේ කෙතරම් අසිරිමත්ද , මිනිසුන්ගෙන් නිතිපතා මේ පුද සත්කාර ලැබෙන්නේ ඒ අප සරණ ගිය ඒ අපගේ බුදුරජාණන් වහන්සේ උදෙසාම නේද, හතලිස් පස් වසරක් මේ ධරණී තලයේ ගම් නියම් ගම් සැරිසරා මනුසත්වයන් සසර දුකින් එතෙර කිරීමට කටයුතු කළේ ඒ උන් වහන්සේ මහා කාරුණික නිසාවෙනි. දෙව් බඹුන් පවා සසර දුකින් එතෙර කළ ඒ අපගේ බුදුරජාණන් වහන්සේට අපගේ අතින්ම දිය නොමුසූ කිරි ආහාර පූජාවක් සිදුකිරීමට ලැබීම...