කෑලෑවේ භාවනා කරන හිමිවරුන් උදෙසා දැලකින් කරන ලද කුටි පූජා කලෙමු.
ආනන්ද,නන්ද,රාහුල,සාරිපුත්ත,මොග්ගල්ලාන,මහා චුන්ද, මහා රහත් පරපුරෙන් පැවත එන ආර්ය මහා සංඝරත්නය ගැන අසන්නට ලැබීමත්, උන් වහන්සේලා ඇසුරු කරන්න ලැබීමත් කෙතරම් භාග්යක්ද , පසුගිය දිනක අප පියනැගූ වලගම්බා රජ දවස ඉදිවූ අසිරිමත් කරදගොල්ල රක්ඛිත්තාකන්ද වනසෙනසුනෙහි හුදකලාව විවේකී සුවයෙන් බවුන් වඩන ස්වාමින් වහන්සේලා වාසයකරන අයුරු දැක මගේ හිතට මහත් ප්රීතියක් ඇති විය. උන්වහන්සේලා නිරන්තරයෙන් කැලෑවේ, වන පෙත තුළ කුටි තුළ , වන පෙතෙහි තැනින් තැන පිහිටි ගල් තලා මත භාවනා කටයුතු සිදුකරන නිසා...