රන්වැලි සෑ රජුන් උදෙසා සිදුකළ වනමල් පූජා පින්කමේදී පූජා කල විනයානූකූල සුගත චීවරය පඩු පෙවූ අයුරු.
සම්බුද්ධ සාසනයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල දීපව්‍යාප්තව වනාන්තර සිසාරා සැරිසරමින් ශ්‍රම පූජාවෙන් වනමල් එක්රස් කර රන්වැලි සෑ රජුන් උදෙසා සිදුකල අසිරිමත් වනමල් පූජා පින්කමට සමගාමීව විනයානූකූල සුගත චීවරයක් පඩු පොවා පුජා කරන ලදී. පඬු පෙවීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ , මහෝගනී හෝ කොස් පොතුසැවැන්දරා, අරළු , බෝමී කොළ පඬු ඔරුවවිනයානූකූලව මසන ලද චීවරය පඬුපොවන ආකාරය 01. පළමුව මේ සඳහා (කොස් පොතු/මහෝගනී පොතු ) ඉතාමත් සිහින්...