නකල්ස් හී මාඋස්සගොල්ල වදකහමඩ ගම් යාකර ලක්ෂ 10ක වියදමකින් අඩි 65ක දිගින් යුක්තව ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරන් පාලමක් සකසා පූජා කළ වගයි.
මාතලේ දිස්ත්රික්කයේ රත්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝධිකොටුව ග්රාම නිලධාරී වසම සහ මාඋස්සාගොල්ල ග්රාම නිලධාරී වසම් දෙක යාබදව පිහිටා ඇති බඹරකිරිඇල්ල ඔය හරහා දැනට වදකහමඩ, මාඋස්සාගොල්ල, යන ගම්මාන දෙකක ඍජු ලෙස ද , වක්රව තවත් ගම් 03ක පමණ ජීවත් වන ගම් වාසීන් මාතලේ ඉලුක්කුඹුර ප්රධාන මාර්ගයට පැමිණෙන්නේ මෙම ගඟ තරණය කොටගෙනය. එසේම වැසි කාලවල දරුවන් මෙන්ම කුලී වැඩ කරනා මිනිසුන් පවා ගඟ හරහා පැමිණීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත. බොහෝ කලකට...