රන් වැලි සෑ රජුන් උදෙසා පූජා කිරීම පිණිස සිදුකල සුගත චීවර පඩු පෙවීමේ පින්කම
බොහෝ කල් හිතසුව පිණිස පවතින කුසල් සිත් නිරන්තරයෙන් ජනිත කිරීමට උපකාර වන අසිරිමත් පින්කමක් වස් කාලය අවසානයේ අපට සිදුකර ගැනීමට හැකි වූවා. බුදුගුණ සිහිකරමින් බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව බුදුරජාණන් වහන්සේ උදෙසා සුගත චීවරයක් පඬු ගසා සකස් කිරීමට අපට හැකි විය. මහෝගනී පොතු,කොස් පොතු සොයා අදාල සියලු දෙ එක් රැස් කර විනයානුකූලව අපගේ දෑතින්ම සුගත චීවරයක් පඬුපොවා සකස් කිරීමට ලැබීම මොනතරම් භාග්‍යක්ද, පඬු පෙවීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ, මහෝගනී හෝ කොස් පොතුපඩු...