
සිව් දිගින් වඩින ආර්ය මහා සංඝරත්නය වෙත බටුවන්හේන සෙනසුනේදී සක්මන් මලුවක් සකසා පූජා කළ වගයි.
පිළිවෙත් පුරන මහා සංඝරත්නය වෙනුවෙන් ප්රත්යයන්ගෙන් උපකාර කරමින් නිවන් මාර්ගය පරිපූර්ණ ලෙස වැඩීමට උන්වහන්සේලාට අපගේ කාය ද්වාරයෙන්, මනෝ ද්වාරයෙන්, වචී ද්වාරයෙන් උපකාර කිරීමට ලැබීම මොනතරම් භාග්‍යයක්ද , තවත් භාග්‍යයක් වන්නේ ස්වාමින් වහන්සේලාට පරිපූර්ණ ලෙසම ප්‍රතිපත්ති පූජාවේ ගමන් කිරීමට ලැබෙන වටිනාම කාලය වූ වස්සාන සමයක ස්වාමීන්වහන්සේලාගේ සක්මන් භාවනාව සිදුකිරීම සඳහා උපකාරී වන සක්මන් මලුවක් සකසා පූජා කිරීමට අපට හැකි වීමයි.බටුවන්හේන සෙනසුනේ සසුන් කෙත අස්වද්දමු මිතුරු කැල අභිනවයෙන් ඉදිකල කුටි සෙනසුන පූජා...