හම්බන්තොට වෙහෙරගල වන සෙනසුනේ සිදුකල අසිරිමත් මහාතේර චංකමන පූජාව
අලි , කොටි, වග වලසුන් ආදී සිව් පා සතුන්ගෙන් ගහන වූ බූන්දල රක්ෂිතයේ පිහිටා ඇති මෙම අසිරිමත් වන සෙනසුන ගෝඨාභය රජ දවස දක්වාම නෑකම් කියයි,මහා සුමණ මහ රහතන් වහන්සේ ප්රමුඛ රහතන් වහන්සේලා දහස් ගනනින් වැඩ සිටි මෙම භූමියේ අදටත් ඉපැරණි නටබුන් වී ගිය ගල් ලෙන් 200 පමණ බූන්දල රක්ශිතය පුරාවට දැක ගත හැක,මෙම වෙහෙරගල වන සෙනසුන සිල්ගුණ දම් පුරණ පින්වත් ස්වාමින් වහන්සේලා මෙන්ම ආගන්තුක ස්වාමින් වහන්සේලාගේද නිරන්තර තෝතැන්නක් බවට පත්...