(92) සතර දිගින් වඩින ආර්ය මහා සංඝරත්නය වෙත කුටියක් තනවා පූජා කළෙමු
දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අපට තවත් අසිරිමත් සසුන් කෙතක් අස්වැද්ද වීමට හැකිවිය.සිව් දිගින් වඩින ආර්ය මහා සංඝරත්නය වෙත අසිරිමත් පින්කමක් සිදු කිරීමට අප අදහස් කළා .බණ්ඩාරවෙල කරදගොල්ල රක්ඛිතාකන්ද පුරාණ රජමහවිහාරය දුටුවන්ගේ නෙත් සිත් වශී කෘත වන වළගම්බා රජ දවස ඉදි වූ අසිරිමත් විහාරයකි .විහාරයේ ස්වාමීන් වහන්සේලා හතර නමක් පමණ වැඩ වාසය කරන අතර පවතින සුන්දරත්වය හේතුවෙන් ගන්තුක ස්වාමීන් වහන්සේලා හුදකලාව වැඩ වාසය කිරීම පිණිස මෙම...