අනුරාධපුර තිසාවැව ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථානය වෙත ගම්වාසීන් ද සම්බන්ධ කරගනිමින් සිදුකළ ත්‍රිපිටක ග්රන්ථ පූජාව.
අනුරාධපුර තිසාවැව ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථානය වෙත ත්‍රිපිටක පොත් පූජා කරමින් විහාරස්ථානයේ පින්වත් ස්වාමින් වහන්සේලාගේ ධර්ම ඥානය වර්ධනය කරගනිමින් ගම් දනව් සිසාරා පින්වත් මිනිසුන් වෙත නිර්මල සද්ධර්මය දේශනා කිරීමට හේතු උපකාරී වන ත්‍රිපිටක පොත් පූජාවක් ඉතාමත් ශ්‍රද්ධාවෙන් සිදුකර ගැනීමට අපට හැකි වීම භාග්‍යක්මයි. මෙහි විශේෂම කාරණාව වන්නේ මෙම අසිරිමත් ධර්ම දාන පින්කම සඳහා ගම්මානයේ සියලු ගම් වැසියන්ම සම්බන්ධ කර ගැනීමට හැකි වීමයි. මෙහි දැනට ස්වාමින් වහන්සේලා හතර නමක් පමණ වැඩ...