මිහින්තලාවේ කටු සෑ රජුන් උදෙසා ආලෝකකරණ පද්ධතියක් සකසා පූජා කළ වගයි.
මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයත් සමග ආරම්භ වූ බුදු සසුනින් සුපෝෂණය වූ අනුරාධපුර රාජධානියේ මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පෙර විසූ රජවරුන්, පුරෝහිතවරුන් ස්ථූප , ධර්ම ශාලා, සක්මන් මලු , ආවාස ගෘහයන් , ළිං පොකුණු , මංමාවත් තැනීම් ආදී කොට ගත් සසුන් කෙත පුනර්ජීවය උදෙසා යොදා ගත්තා වූ අවි ආයුධ තැන්පත් කොට ධාතුන් වහන්සේලා ද නිධන් කරමින් සැකසූ මහානුභාවසම්පන්න අනුහස් සපිරි ස්ථූපයයි මිහින්තලාවේ කටු සෑ රජුන්. මිහින්තලා පුදබිම ගොඩනගමින් මේ සඳහා කාය...