බුද්ධාලම්භන ප්‍රීතියෙන් සිත් පහන් කරනු වස් “සම්බුදුවරුණ” දෙසුමට පින්වත් රාධ ස්වාමීන් වහන්සේ උදෙසා සන්නස් පත්‍ර පූජා කරමින් ආරාධනා කළ වගයි…
“සිත් නිවා හමා එන අමා බුදු ගුණ සුවඳ” සසුන් කෙත අස්වද්දමු කලණ මිතුරු සැමගේ සංවිධානයෙන් හා ලක්දිව මහා සඟරුවනේ උතුම් මගපෙන්වීමෙන්ද යුතුව, හෙළදිව පුරාතන දුලබ පිංකම් නැවත ප්‍රතිෂ්ටා කිරීමෙහි පරම අභිලාශ පෙරදැරිව, වර්ෂ 2020 මැදින් මස (මාර්තු) සත්වන (07) ශනි දින සන්ධ්‍ය භාග 4.00 සිට උතුම් මහියංගණ සෑ පුද බිමේදී රාජකීය පෙරහැර, ගගන සිසාරා නැගෙන පුෂ්ප පුජාවන්, ආදිවාසි බැතිමතුන්ගේ මධු පුජාවන් හා විසිතුරු බුද්ධ වන්දනාවකින් අනතුරුව එදින හිරු අවර නැඟෙන...