තලාව උදය පාරමිතා වන සෙනසුනේ දී සිව් දිගින් වඩින ආර්ය මහා සංඝරත්නය වෙත ලක්ෂ පහක වියදමකින් කුටියක් තනවා පූජා කළ වගයි
සාසනයේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටින “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල දිවයින පුරා පිය නගමින් මේ වෙහෙසෙන්නේ ශාසනයේ දියුණුව සඳහා ය. ඉතින් පසුගිය දිනක ඉතා අසිරිමත් පින්කමක් සුනෙත් ජයසිංහ අයියාගේ මූල්‍ය දායකත්වයෙන් සහ මූලිකත්වයෙන් ආර්ය මහා සංඝරත්නය මුල් කරගනිමින් සිදු කර ගැනීමට අපට අවස්ථාව උදා විය. සිව් දිශාවෙන් වඩින ආර්ය මහා සංඝරත්නය වෙනුවෙන් තලාව උදය පාරමිතා වන සෙනසුනේදී කුටි සෙනසුනක් තනවා අතපැන් වක්කොට ඉතාමත් ශ්‍රද්ධාවෙන් පූජා කිරීමට ලැබීම මොනතරම් භාග්‍යයක්ද...