මාතර කඹුරුපිටිය විහාරයේ සක්මන්මලුව සකසා සඝ රුවන වෙත පූජා කල වගයි
සෑම සති අන්ත දිනකම සසුන් කෙත අස්වද්දමු මිතුරු කැල මේ එක් වන්නේ සාසනයේ උන්නතිය වෙනුවෙන් කැප වී කුසල් වැඩීමටයි, කාය ද්වාරයෙන්,මනෝ ද්වාරයෙන් ,වචි ද්වාරයෙන් අප්රතිහර්තී කැපකිරීම් කරමින් අසිරිමත් පින්කමක් පසුගිය දින මාතර කඹුරු පිටිය විහාරයේදී අප සැමට සිදුකර ගැනීමට හැකි වූවා,හිත සමාහිත වීමට ප්රධාන ලෙස උපකාරී වන ඉරියාපත භාවනාවේ ප්රධාන භාවනා අන්ගයක් වන සක්මන් භාවනාව සිදුකිරීම සදහා උපකාරිවන සක්මන් මලුව සකසා පූජා කිරීමට අපට හැකි වූවා .කෑලෑවේ නිරන්තරයෙන් හුදකලාව භාවනා...