විහාරමහාදේවිය සෑදූ රිටිගල දේවගිරි සෑ පිලිසතරකළ හුණු පිරියම් කිරීම
දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අප සැමට අතීශය දුර්ලභ පින්කම්ක් සිදුකිරීමට හැකියාව උදා වූවා.විහාර මහා දේවිය විසින් සැකසූ අනුරාධපුර මුල් යුගයේ ඝාණ්ඨාකාර හැඩයෙන් සැකසී පැවති මෙම අසිරිමත් සෑ රජුන් අදටත් අනුහස් පාමින් විරාජමානව වැඩ සිටී, අසිරිමත් දේවගිරි පුරාණ රජමහා විහාරය අතීතයේ විරාජමානව පැවති අසිරිමත් විහාරයක් බව මෙහි අදටත් දැකගත හැකි නටබුන් දාගැබ්,ප්රතිමා ගෘහය,හා සෙසු ගොඩනැගිලි මගින් මොනවට සනාත වේ.මරදන්කඩවල ඔස්සේ ගලපිටගල හරහා රිටිගල සෙනසුන වෙත ගමන්...