නෙල්ලිගල පුදබිමේ ඉදිවන ආධ්‍යාත්මික කලාපය ඉදිකිරීමේ වැඩකටයුතු “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැළ බාරගත් වගයි.
ශ්‍රී ලංකා ධරණී තලය තුළ වර්ථමානයේ සිංහල බෞද්ධ දෙස් විදෙස් ජනතාව සඳහා මහත් වූ ශ්‍රද්ධා ගෞරව සහිතව තුණුරුවන් වන්දනා මාන කරගැනීමට ඉතා මනරම් ලෙස ඉදි වී ඇති නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරියේදී ප්‍රධාන අංග තුනකින් සමන්විතව ආමිස කලාපය , අධ්‍යාපන කලාපය සහ ආධ්‍යාත්මික කලාපය ලෙස නිම කිරීමට එහි නිර්මාතෘ පූජනීය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ බලාපොරොත්තුව සිටින අතර, එහි ආධ්‍යාත්මික කලාපය ලෙස මහාසංඝරත්නයට භාවනා යෝගීව වැඩ හිඳිමින් සිල් ගුණ දම් පුරමින්...