මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දළදා වහන්සේ වැඩ සිටින බෙන්තර ගලපාත රජමහා විහාරය වෙත ගම්වාසීන් ද සම්බන්ධ කරගනිමින් සිදුකළ ත්‍රිපිටක ග්රන්ථ පූජාව.
මහා ධම්මාධිකාරී, මහා අග්රධූතාංගධාරී, මහා තෘතීය ශ්‍රාවක, මහා සම්බුද්ධ ශාසන ආරක්ෂක අනුබුද්ධ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මහා පුරුෂ ලක්ෂණ හතකින් සමන්විත අපගේ බුදුරජාණන් වහන්සේගේ පාංශුකූල චීවරය පවා දරා වැඩසිටීමට තරම් පුණ්‍ය බලයක් හිමි උතුම් රහතන් වහන්සේ නමකි. ඉතා සරල, අල්පේච්ඡ මෙන්ම හුදකලා, විවේකී , සැහැල්ලු දිවියක් ගතකළ මුන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ දිවිපෙවෙත, බොහෝ විට, බොහෝ සෙයින් වර්ණනා කළ බුදුරජාණන් වහන්සේ අනාගත ශ්‍රාවක සඟ පරපුර කාශ්‍යප මහරහතුන්ගේ පැවිදි ජීවිතය ආදර්ශයට ගත යුතු බව...