අපගේ අතින් පඬු පෙවූ සුගත චීවරය ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තැන්පත් රන්වැලි සෑ රජුන් උදෙසා පූජා කළ වගයි.
කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම සිව් බුදුරජාණන් වහන්සේලාගේ පහස ලත් කෝටි ලක්ෂයක් සක්වල තුළ ඉදිවූ එකම මහා සෑය උදෙසා අපගේ අතින්ම සුගත චීවරයක් විනයානුකූලව පඬු පොවා පූජා කිරීමට අපට හැකි වූවා. මේ සුගත චීවරය ඒකාන්තයෙන්ම අප සරණ ගිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා ම පූජා වේවා ! ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තැන්පත් රන්වැලි සෑ රජුන් උදෙසා ම පූජාම වේවා ! දිනය පුරා රන්වැලි සෑ රජුන් වන්දනා කරමින් සෑ රදුන් උදෙසා සුගත චීවරයක් පඬු...